ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ සිව්වන සමාලෝචනයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.
මේ සමාලෝචනයට අනුමැතිය ලැබීමත් සමග ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ මූල්‍ය පහසුකමක් හිමි වේ. මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක මුදලත් සමග මේ දක්වා මෙම ණය පහසුකම යටතේ මෙරටට ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර තිබේ. 2023 මාර්තු 20 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක මෙම විස්තීර්ණ ණය පහසුකම අනුමත කරන ලදී.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය කල්පවතින ලෙස යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට මෙම වැඩසටහන මගින් සහාය ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත