කුරියර් පාර්සල්වල සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රුපියල් කෝටි 6කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය මගින් පෙරේදා (01දා) අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා මෙරටට එවා ඇති කොකේන්, කුෂ් සහ කැනබිස් තෙල් යන මත්ද්‍රව්‍ය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ද ඒ මහතා කීය.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 ජනවාරි 01 වැනිදා සිට 2025 ජුනි දක්වා කාලය තුළ කොළඹ කාගෝ එක්ස්ප්‍රස් වෙත ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මැලේසියාව යන රටවල්වලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැකසහිත අධිවේගී කුරියර් පාර්සල් ගණනාවක් පරීක්ෂා කිරීමෙන් පසු එම මත්ද්‍රව්‍ය සොයාගත් බව ද ඒ මහතා කීය.
එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක සිට හිමිකරුවන් ඉදිරිපත් නොවීම නිසා ඒවා පරීක්ෂා කළ බව ද මෙහිදී කොකේන් ග්‍රෑම් 1101ක්ද, කුෂ් ග්‍රෑම් 1666 ක්ද, කැනබිස් තෙල් කුප්පි 4ක්ද එහි තිබී සොයාගත් බව ද ඒ මහතා කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ප්‍රභාත් විතාන සහ චමින්ද සිල්වා