අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ අවසන් කටයුතු හෙට (03දා) සවස 4.00ට පිළියන්දල දොලේකනත්ත සුසාන භූමියේදී සිදුකෙරේ.
මියයන විට 82 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා 1960 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි අතර 1983 වසරේ කැස්බෑව ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.
1989 දී හා 2022 දී සංචාරක ඇමැතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2006 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමග එක්විය. 2007 වසරේ ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු 2010 හා 2015 වර්ෂවලදී පාර්ලිමේන්තුව නියෝජනය කළේය.
2019 වසරේ නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා 2020දී ප්‍රවාහන කැබිනට් ඇමැතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.
චමින්ද සිල්වා