භාවිතයෙන් ඉවත් කර ඇති ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 600ක් අලුත්වැඩියා කර නැවත ධාවනයට එක් කරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම, ධාවනය සඳහා ලංගම බස් රථ ප්‍රමාණය වැඩි කිරීම සඳහා ද රජය විසින් මුදල් වෙන් කර ඇතැයි නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් දිවයිනපුරා සංගණනයක් සිදු කළ බවද එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අනුමැතිය ලබා ගැනීම සඳහා පුරප්පාඩු පවතින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ලැයිස්තුව අග්‍රාමත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර