අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් මේ වසරේ මුල් මාස පහ තුළ විවිධ තරාතිරමේ නිලධාරීන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
මේ අතර පොලිස් නිලධාරීන් 8 දෙනකු සිටින බව ද එම කොමිසම කියයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් පරීක්ෂකවරයකු ද, උප පොලිස් පරීක්ෂකවරයකු ද, පොලිස් සැරයන්වරුන් 4 දෙනකු ද, කොස්තාපල්වරුන් දෙදෙනකු ද, විදුහල්පතිවරයකු ද, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු ද සිටින බව අල්ලස් කොමිසම කියයි.
අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් 1954 ක්ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කරන ලෙස ද කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නවතම ප්‍රගති වාර්තාවට අනුව මෙම වසරේ මුල් මාස 5 තුළ අල්ලස් කොමිසම වෙත පැමිණිලි 2221ක් ලැබී තිබේ. මෙම සංඛ්‍යාව 2024 වසර පුරා වාර්තා වූ පැමිණිලි 4113න් අඩකට වඩා වැඩිය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා