සැකකරුවන් වහාම අල්ලනු උසාවියෙන් නියෝග
රෝගීව සිටින ප්‍රවීණ ගායන ශිල්පි ඉෂාක් බෙග් මහතාට ලබාදීමට බව පවසමින් මාධ්‍යවේදී රංගන සිල්වා මහතාගේ නම භාවිතා කරමින් විදේශ රටවල ජිවත්වන ශ්‍රී ලාංකිකයන් රවටා වංචා සහගතව මුදල් ලබාගැනීමට තැත් කළ බව කියන සිද්ධියේ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කසුන් කංචන දසනායක මහතා මුල්ලේරියාව පොලිසියට නියෝග කළේය.
මාධ්‍යවේදී රංගන සිල්වා මහතා කළ පැමිණිල්ලක් අනුව මුල්ලේරියාව පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
කිසියම් පුද්ගලයකු තමන්ගේ නම භාවිත කරමින් විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අමතා ඉෂාක් බෙග් මහතාට ආධාර පිණිස ආරම්භ කර ඇති “ඉෂාක්ට කෝටියක්” වැඩසටහන සඳහා මූල්‍ය ආධාර ලබාදෙන ලෙසට ඉල්ලීම් කර ඇතැයි මාධ්‍යවේදී රංගන ද සිල්වා මහතා එම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක