ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ සේවා සහ සබඳතා මාසය අද (1දා) සිට මේ මස 31 වැනිදා දක්වා දීප ව්‍යාප්තව පැවැත්වෙයි.
බාලදක්ෂ දිස්ත්‍රික් තිස්හත නියෝජනය කරමින් බාලදක්ෂයන් ලක්ෂයකට අධික පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිත බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඒ අනුව එම බාලදක්ෂයන් නිවාස, කාර්යාල ආදී ස්ථාන වෙත පැමිණ බාලදක්ෂ නායකයන්ගේ සහ දෙමාපියන්ගේ අධීක්ෂණය යටතේ පාරිසරික පිරිසිදු කිරීම් සහ අනෙකුත් සේවාවන් සැපයීමට නියමිතය. එම බාලදක්ෂයන්ගේ සේවා අගයමින් බාලදක්ෂ සංවර්ධන අරමුදල සඳහා මහජන දායකත්වය අපේක්ෂා කරන බවද බාලදක්ෂ සංගමය පවසයි.
තරුණ පරපුර තුළ ‘ශ්‍රමයේ ගෞරවය’ පිළිබඳ ආකල්ප ඇති කිරීම, සේවයට දිරිමත් කිරීම, ප්‍රජා සහභාගිත්වය පිළිබඳ ගැඹුරු හැඟීමක් ඇති කිරීම සහ වගකිවයුතු පුරවැසිභාවය යන වටිනාකම් ප්‍රවර්ධනය ද මෙහි අපේක්ෂාවන් වෙයි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් සහ ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ උපදේශක නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ නායකත්වය යටතේ මෙම වැඩසටහන පැවැත්වෙයි. මූලස්ථාන කොමසාරිස් ආචාර්ය අනිල් පෙරේරා මහතා 2025 සේවා මාසයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරයි.
අනුරාධ හිරිපිටියගේ