ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මාහාවංශ සම්පාදක මණ්ඩලයේ හිටපු ලේකම්වරියක ද වන ඇය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක ලෙසද කටයුතු කරමින් සිටියාය.
බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකාවක්ද වූ ඇඳගම මහත්මිය රූපවාහිනියෙන් මහාවංශය කියාදීමට ද දායක වූවාය. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය සහ ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමය ඇතුළු ග්‍රන්ථ රැසක් ද රටට දායාද කළ මාලනී ඇඳගම මහත්මිය නූතන මහාවංශය 06 වන වෙළුමේ 1 සහ 2 කොටස් සම්පාදනයට ද දායක වූවාය.
වර්ෂ 1940දී කෑගල්ලේ ගලපිටමඩ නාරංගස්තැන්ත ග්‍රාමයේ උපත ලද ඇඳගම මහත්මිය ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වූවාය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු එම සරසවියේ සහකාර කථිකාර්චාර්යවරියක් ලෙස පත්වී වර්ෂ 1971දී විfද්‍යාදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඇය වර්ෂ 2005 දී ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් විශ්‍රාම ගන්නා ලදී.
අභාවප්‍රාප්ත මාලනී ඇඳගම මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
මානව විද්‍යාඥ මහාචාර්ය පණ්ඩුල ඇඳගම සූරීන්ගේ භාර්යාව වූ ඇය නයනා ඇතුළු දියණියන් සිව් දෙනකුගේ මෑණියන් ද වූවාය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත