සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉකුත් (27) දා කතරගම පුදබිමට පැමිණියේය. ප්‍රථමයෙන් කිරිවෙහෙර චෛත්‍යය රාජයාණන් වහන්සේ වැඳ පුදාගත් ඒ මහතා අනතුරුව කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පණ්ඩිත කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. අනතුරුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයට පැමිණි ඒ මහතා පුද පූජා පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් පා.ම. ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා ද සහභාගි විය.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක සහ කේ.ඩී.දේවප්‍රිය – කතරගම