මේ වර්ෂයේ (2025) පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8කින් වර්ධනය වී ඇත.
මේ අනුව ගිය වසරේ (2024) පළමු කාර්තුවේ රු. මිලියන 3318769ක් වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2025) පළමු කාර්තුවේදී රු. මිලියන 3477088 දක්වා වර්ධනය වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (16දා) ප්‍රකාශයට පත් කළේය.
සියයට 4.8ක ආර්ථික වර්ධනය නියෝජනය කරමින් මේ වසරේ (2025) පළමු කාර්තුවේදී කාර්මික අංශය සියයට 9.7කින් සහ සේවා අංශය සියයට 2.8කින් වර්ධනය වී ඇත. මේ අතර මේ වසරේ (2025) පළමු කාර්තුවේදී කෘෂිකාර්මික අංශය සියයට 0.7ක පසුබෑමක් ද වාර්තා කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත