මගී බස්රථ රියැදුරන් සඳහා ආසන පිටි පැලඳීම අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන්නැයි පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
පැරණි බස්රථවල ආසන පටි නොමැති බැවින් ඒවා යථාවත් කිරීමට කාලයක් අවශ්‍ය බව ද ඒ පිළිබඳව බලධාරීන් අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම පවසයි.
නීතිය ක්‍රියාත්මක විය යුතු වුවත් ජාතික ගමනාගමන කොමිසමට ඒ සඳහා මැදිහත්වීමට බලයක් නොමැති බව ද සභාපතිවරයා කියා සිටී.
ධර්මසේන වැලිපිටිය