කොළඹ වරායේ පැවැති බහාලුම් තදබදය ඊයේ (29දා) පෙරවරුව වනවිට සම්පූර්ණයෙන් අවසන් කළ බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
සාමාන්‍යයෙන් දිනකට බහාලුම් 1200ක් වැනි ප්‍රමාණයක මෙහෙයුම් කටයුතු සිදුකළත් පසුගිය දිනවල බහාලුම් 2900ක් වැනි ප්‍රමාණයක් වරායට පැමිණීම නිසා බහාලුම් මුදා හැරීමේදී යම් ප්‍රමාදයක් සිදුවුව ද රේගු නිලධාරීන් අමතර කාලයක් රාජකාරි සිදුකර එම බහාලුම් තදබදය අවසන් කළ බව ද ඒ මහතා කීය.
කොළඹ වරායට පැමිණෙන බහාලුම්වලින් රේගු නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ එක්ව සියයට හතළිහක් (40%) පමණ පරීක්ෂා කරන අතර ඉතිරි සියයට හැට (60%) පරීක්ෂණයකින් තොරව මුදා හැරීම සිදුකෙරේ. පසුගිය දිනවල බහාලුම් නිෂ්කාශනය ප්‍රමාදවීමට හේතුව ආනයනික ලුණු කන්ටේනර් විශාල ප්‍රමාණයක් පැමිණීමත් ඒවායේ තත්ත්ව සහතික වාර්තා ලැබීම ප්‍රමාද වීම බවත් පවසන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා, ඉන් බහාලුම් කිහිපයක ලුණු තොග ප්‍රමිතියෙන් තොර වීම නිසා නැවත හරවා යැවීමට නියමිතව ඇති බව ද කියා සිටී.
චමින්ද සිල්වා