මෙරට පුරවැසියන්, විවිධ අපරාධවලට ගොදුරුවීම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව, මෙම අපරාධයේ ස්වභාවය හා වින්දිතයන් හට මුහුණ දීමට සිදුවන අවාසනාවන්ත අත්දැකීම්, නිරූපණය වන අන්දමින් නිර්මාණය කරනු ලැබූ උපදේශනාත්මක කෙටි වීඩියෝ හා හඬපට මාලාවන් රූපවාහිනී, රේඩියෝ, සමාජ මාධ්‍ය හා අනෙකුත් ඉලෙක්ට්‍රොනික ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යයන් හරහා ප්‍රචාරණය කිරීමට තීරණය කර ඇත.
මෙම නව්‍ය මුල පිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, මෙම අපරාධය පිටුදැකීමේ ක්‍රියාවලියේදී නිවාරණය යනු ඉතා වැදගත් අංගයක් වන බවත්, ජනතාවගේ දැනුවත්භාවය ඉහළ නැංවීම තුළින් රටේ පුරවැසියන් මෙන්ම, විදේශිකයන් අපරාධකරුවන්ගේ රැහැනින් මිදීමට සැලැස්වීම හා ආරක්ෂාව තහවුරු කිරීම මෙම ක්‍රියාවලියේ අරමුණු බවත්, තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බළකායේ ප්‍රධානි හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා කීය.
එමෙන්ම, මෙම වැඩසටහනේ තවත් වැදගත් අරමුණක් වනුයේ, තැනැත්තන් වෙළෙදාමේ නිරත කර වන සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්ව සිටින වින්දිත පාර්ශ්වයන් හෝ එවැනි අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඇති පුද්ගලයන් හට මෙම අපරාධවලට එරෙහිව නොබියව ඔවුන්ගේ හඬ අවධි කිරීමට අවශ්‍ය ශක්තිය ලබාදීමය.