එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු කළේ තමා යැයි පවසමින් ව්‍යාජ ඊමේල් පණිවුඩ යැවූ චෙන්නායි හි රේනී ජොශිල්ඩා නම් ඉංජිනේරුවරියක එරට ගුජරාටි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ කාන්තාව අදාළ පණිවුඩ යවා ඇත්තේ ඇගේ හිටපු පෙම්වතාගේ නමට සකස් කරන ලද ඊ මේල් ලිපිනයකිනි. පෙම්වතා පසුගිය පෙබරවාරියේ විවාහ වී ඇති අතර ඒ වෛරය නිසා ඔහු අපහසුතාවට පත් කිරීමට මේ පණිවුඩ යවා තිබේ.
එසේම මීට පෙර ඉන්දියාවේ නගර විස්සක බෝම්බ තබා ඇති බව සඳහන් කරමින් ද ව්‍යාජ පණිවුඩ ඊමේල් හරහා යවා ඇති බව හෙළිවී ඇත
චතුර පමුණුව