මව්පිය දූ දරු ආදරයක බැඳීම වැඩි විය යුතු කාලයක් අප අබියසට පැමිණ තිබේ
ඉගෙනීම් කටයුතු නොකර ජංගම දුරකථනයෙන් පරිගණක ක්‍රීඩාව සඳහා වැඩි කාලයක් ගත කිරීම ගැන තම පියා කළ අවවාදය දුර දිග ගොස් පරිගණකයට පියා සෙරෙප්පුවෙන් පහරදීම ගැන සිත්තැවුලට පත් 18 හැවිරිදි පාසල් දරුවකු ගිනි තබා ගැනීමෙන් පසු රෝහල් ගතව සිටියදී මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඇටැම්පිටිය, නිලිඅතුගොඩ, බෝගහඇල්ල යන ලිපිනයේ පදිංචි බ/ මලිත්ත මහ විද්‍යාලයේ ඉගෙනීම කළ අ.පො.ස. උසස් පෙළ හැදෑරීමට සූදානමින් සිටි ලියනආරච්චිලාගේ කසුන් කල්හාර නමැති අයෙකි.
පියා සහ මව රැකියාව සඳහා ගොස් සිටියදී මෙම පාසල් ශිෂ්‍යයා පමණක් නිවසේ රැඳී සිට ඇත. සවස වැඩ ඇරී නිවසට පැමිණි පියා පන්ති යන්නෙත් නැහැ, ඉස්කෝලේ යන්නෙත් නැහැ, හැම වෙලාවෙම ෆෝන් එක ඔබ ඔබා කාලය කනවා යැයි, කියා තිබේ. එවිට පුතා කේන්ති ගෙන ඇත.
එවිට පියා පුතාගේ ලැප්ටොප් පරිගණකයට පයලා ගෙන සිටි රබර් සෙරෙප්පුවෙන් පහර දුන් විට එහි කොනක් පළුදුව තිබේ. ඉන් පසු සිද්ධිය වී තිබේ.
බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර