නොදන්නා අය එවන ‘ලින්ක්’ ඔස්සේ යන්න එපා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෑත කාලීනව සිදුකරන ලද විමර්ශනවලදී ෆේස්බුක්, වට්ස්ඇප්, ටෙලිග්‍රෑම්, ස්කයිප්, වී චැට් ආදී සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන අපරාධයන්ට මෙරට පුරවැසියන් වින්දිතයන්වීමේ ශීඝ්‍ර වර්ධනයක් ඇති බවට නිරීක්ෂණය වී තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
එබැවින් ෆේක්බුක්, වට්ස්ඇප්, ටෙලිග්‍රෑම්, ස්කයිප්, වී චැට් යන සමාජ ජාලා මගින් විවිධ පුද්ගලයන් නමින් පෙනී සිටින ගිණුම් හරහා ලබාදෙන අන්තර්ජාල දිගු (ලින්ක්), නොදන්නා සමාජ ජාලා සමූහ වෙත පිවිසීම හා ඒවා මගින් ලබාදෙන උපදෙස් අනුව කටයුතු කිරීම නොකරන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය ඉල්ලා සිටියි.
එමෙන්ම තම පුද්ගලික බැංකු ගිණුම් විස්තර නොදන්නා වෙනත් පාර්ශ්ව වෙත ලබානොදෙන ලෙසත්, නොහඳුනන පුද්ගලයන්ගෙන් තම ගිණුම් වෙත ලැබෙන මුදල් තෙවැනි පාර්ශ්ව වල උපදෙස් පරිදි ඔවුන් විසින් ලබාදෙන වෙනත් ගිණුම් වෙත හුවමාරු කිරීම සිදු නොකරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්