රාජිතත් සුබපතන්න එයි
මදුරාවල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා ඊයේ (27දා) පැවැති එම සභාවේ මංගල මහා සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමල් සමරසිංහ මහතා වැඩි ඡන්දයෙන් සභාපතිවරයා ලෙස තේරී පත්විය.
එම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ චමින්ද අමරජිත් පෙරේරා මහතා ඒකමතිකව තේරී පත්විය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27දා) රැස්වූ මහා සභා රැස්වීමේදී සභාපති හා උප සභාපති තෝරා පත්කර ගැනීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්වීමට තීරණය වූයේ වැඩි ඡන්දයෙනි.
ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ඡන්ද 10ක් ද ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඡන්ද 5ක් ද ලබාගත්හ.
සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරු විපක්ෂයේ මන්ත්‍රීවරයාට ඡන්දය ලබාදුන්හ.
මෙතෙක් බලය පිහිටවූ ප්‍රාදේශීය සභා අතරින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභාපතිවරයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වේ. හිටපු ඇමති රාජිත සේනාරත්න ද තම මන්ත්‍රීවරුන්ට ස්තූති කිරීම සඳහා ඊයේ එහි පැමිණ සිටියේය.
අඟුරුවාතොට – මංගල ප්‍රසන්න