Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පක්ෂ දේශපාලනයේ ක්‍රියාකාරී වගකීම්වලින් ඉවත් වුණත් යහපත් රටක් නිර්මාණය කරන්න මාගේ දායකත්වය ලබාදෙනවා – ‘හෘද සාක්ෂිය’ ග්‍රන්ථය එළිදක්වමින් ඉම්තියාස් බාකීර් මාකාර් කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පක්ෂ දේශපාලනයේ ක්‍රියාකාරී වගකීම්වලින් ඉවත් වුණත් යහපත් රටක් නිර්මාණය කරන්න මාගේ දායකත්වය ලබාදෙනවා – ‘හෘද සාක්ෂිය’ ග්‍රන්ථය එළිදක්වමින් ඉම්තියාස් බාකීර් මාකාර් කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

පක්ෂ දේශපාලනයේ ක්‍රියාකාරී වගකීම්වලින් ඉවත් වුණත් යහපත් රටක් නිර්මාණය කරන්න මාගේ දායකත්වය ලබාදෙනවා – ‘හෘද සාක්ෂිය’ ග්‍රන්ථය එළිදක්වමින් ඉම්තියාස් බාකීර් මාකාර් කියයි

June 27, 2025
149 Views

“මගේ වසර 50 ක දේශපාලනයේදී මා හිටියේ එක කඳවුරක. එක ප්‍රතිපත්තියක. මම පක්ෂ දේශපාලනය තුළ මා දැරූ ක්‍රියාකාරී වගකීම්වලින් ඉවත් වුණත්, වෙනත් පක්ෂවලට මාරුවෙන්නට, පනින්නට මගේ අදහසක් නැහැ. වගකිවයුතු ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ජගත් පුරවැසියෙකු ලෙස යහපත් රටක්, යහපත් ලෝකයක් සඳහා මගේ දායකත්වය ශක්ති ප්‍රමාණයෙන් ලබාදෙන්නට උත්සාහ කිරීම මගේ අපේක්ෂාවයි” යැයි හිටපු අමාත්‍යවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වූ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.

ඒ මහතා ලියූ ‘හෘද සාක්ෂිය’ ග්‍රන්ථය එළිදැක්වීම ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති අවස්ථාවේ මේ බව සඳහන් කළේය. අතිපූජනීය මහා සංඝරත්නය ද හිටපු කථානායකවරුන් වූ කරු ජයසූරිය, මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියහ.

එහිදී කතා කළ බාකීර් මාකාර් මහතා:

මේ පොත එළිදැක්වීමේ දී අදහස් දැක්වූ ඔස්ටින් ප්‍රනාන්දු, පාලිත ප්‍රනාන්දු, සාලිය පීරිස් යන මැතිතුමන්ලාට මගේ ස්තූතිය පුදකරනවා. එමෙන්ම පොත ගැන මාධ්‍ය තුළින් අදහස් දැක්වූ හා අදහස් පළකල සියලු දෙනාටත්, පොත පිළිබඳව මාධ්‍ය, සමාජය දැක්වූ කාරුණික සැලකිල්ලටත් විශේෂයෙන් මාගේ කෘතඥතාව පුදකර සිටිනවා.

මිනිස්සු හැටියට අපේ විශ්වාසයන්, ප්‍රතිපත්ති, අපි අදහන දේවල්වල ඉතිහාසය පුරාම වෙනස්කම් තිබුණා. මේ අතරින් ඇතිවන සාකච්ඡාවලින් එකඟතාවයන් ඇතිකර ගන්නට අපි උත්සාහ කළ යුතුයි. ඒ වෙනුවෙන් සමාජය තුළ මුලපිරීමක් ඇති කරන්න මා කරපු කතාවන් මෙහි ඇතුළත්ව තියෙනවා.

විවිධ මතවාද, අදහස් ගැන කරන සාකච්ඡාවලින් ඇති කරගන්නා වූ එකඟතාවයන් තුළින් රටක් ඉදිරියට ගෙනයන්නට පුළුවන්. ලෝකය ඉදිරියට ගෙනයන්නට පුළුවන්.

රටක් ඉදිරියට යන්න නම්, රටක වගකිවයුතු උදවිය රටේ හෘද සාක්ෂියට ඇහුම්කන් දිය යුතුයි. ලෝකය ඉදිරියට යනව නම් ලොව වගකිව යුතු උදවිය ලෝක ජනතාවගේ හෘද සාක්ෂියට ඇහුම්කන් දිය යුතුයි. ඒක ඉතාම වැදගත්.

කෘතියේ පළමු පිටපත ගල්කිස්ස වටරප්පල පාරේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානාධිපති දිවියාගහ යසස්සී නාහිමියන්ට බාකිර් මාකාර් මහතා විසින් පිළිගැන්වූ අයුරු. ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

රටේත්, ලෝකයේත් හෘද සාක්ෂිය අවබෝධ කර නොගෙන තමන්ගේ ආත්මාර්ථකාමී දේශපාලනික, ආගමික, වර්ගවාදී වශයෙන් බෙදුම්වාදී න්‍යායපත්‍රවල අනම්‍ය ලෙස එල්ලී සිටිමින්, ආත්මාර්ථකාමී ලෙස තම න්‍යාය පත්‍රයන් අනෙක් අය මත බලෙන් පැටවීමට යෑම තුළින් රටටත්, ලෝකයටත් සිදුවන අයහපත අපි ඉතිහාසය පුරා දකිමින් සිටිනවා. නිදහසින් පස්සේ ශ්‍රී ලංකාව භාෂා ගැටලු නිසා, ඉඩම් ප්‍රශ්න නිසා, සියලු ප්‍රශ්න දෙස ආගමික, වාර්ගික හා පංතිමය ඇසින් බලමින් බෙදුම්වාදී දේශපාලනයක් කිරීම නිසා හැම දශකයකදීම ගැටුම් ඇතිකරගෙන තිබෙනවා. මිනී මරාගෙන තිබෙනවා. ඒවාට අපි ජීවිතවලින්, දේපළවලින් වන්දි ගෙවලා තියෙනවා යැයි ද ඔහු කීය.

විශ්‍රාමික නීතිපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා, විශ්‍රාමික ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පොත පිළිබඳ කෙටි දෙසුම් පවත්වනු ලැබීය.

ඉම්තියාස් බාකීර් මාකාර් මහතාගේ පුත් ෆාදිල් බාකර් මාකාර් මහතා පිළිගැනීමේ කතාව පැවැත්වීය.

ධර්මසේන වැලිපිටිය

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok