රජයේ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් අතිකාල දීමනා සැකසීමට විරෝධය පළකරමින් දුම්රිය තාක්ෂණ ශිල්පීහු ඊයේ (26දා) පෙරවරු 07.00 සිට අද (27දා) පෙරවරු 07.00 දක්වා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.
ඒ අනුව ඊයේ දුම්රිය තාක්ෂණ ශිල්පීන් ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටි බව තාක්ෂණ ශිල්පී සංගමයේ භාණ්ඩාගාරික හර්ෂ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට කීය.
සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද නිසි විසඳුම් නොලැබුණු බව හෙතෙම සඳහන් කළේය.
අකිත පෙරේරා