ගණපූරණය නොමැතිවීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල්තැබූ පළාත් පාලන ආයතනවල යළි නිලවරණ කැඳවීම අනෙකුත් සියලු ආයතනවල ඡන්ද විමසීම අවසන් වූ පසුව සිදුකිරිමට නියමිත බව වාර්තා වෙයි.
බහුතර බලය කිසිදු පක්ෂයකට හිමි නොවූ ආයතන 10ක නිලවරණ ගණපූරණය නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ද කල්තබා තිබේ.
මේ වනවිට ආයතන රැසක නිලවරණ පවත්වා අවසන්ව ඇති අතර ලබන මස මුලදීත් තවත් ආයතන කිහිපයක නිලවරණ පැවැත්වීමට නියමිතය.
පළාත් පාලන කොමසාරිස්වරයා අදාළ පළාතේ සෑම ආයතනයකම නිලවරණවලට සහභාගි විය යුතුය. ඒ අනුව ලබන මාසයේ මුල් භාගයේදීත් තවත් ආයතන කිහිපයක නිලවරණවලට එම නිලධාරීන් එක්වීමට නියමිතය.
රනිල් ධර්මසේන