Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිලධාරීන්ට බලය දෙනවා: සොයා බැලීම් නිරන්තරයෙන් වෙනවා – සභාපති සුපුන් සාරද සිල්වා (ජා.ජ.බ.)
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: නිලධාරීන්ට බලය දෙනවා: සොයා බැලීම් නිරන්තරයෙන් වෙනවා – සභාපති සුපුන් සාරද සිල්වා (ජා.ජ.බ.)
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

නිලධාරීන්ට බලය දෙනවා: සොයා බැලීම් නිරන්තරයෙන් වෙනවා – සභාපති සුපුන් සාරද සිල්වා (ජා.ජ.බ.)

June 25, 2025
79 Views

හොඳ වැඩක් නම් කකුලෙන් ඇදිලි නෑ – දිනිතිකා සඳුනි පීරිස් (ස.ජ.බ.)

හොරකම දූෂණයට අපි එක හෙළාම විරුද්ධයි – උප සභාපති. ටී. එම්. කීර්තිරත්න (ජා.ජ.බ.)

කටුනායක සීදුව නගර සභා මංගල සැසිය

කටුනායක සීදුව නගර සභාවේ නිලධාරීන් වෙත නැඟෙන චෝදනා ගැන ඉතා උවමනාවෙන් සොයාබලා කටයුතු කරනවා. මේ සභාව පරණ සභාවල් පැවති විදිහට යන සභාවක් නොවේ. නිලධාරීන්ට බලය දෙනවා සේම ඔවුන් ගැන සොයා බැලීම නිරන්තරයෙන් කරනවා. වැරදි කරන යම් කෙනෙක් ඇත්නම් ඒ අය දැනට පෙළින් පෙළට බන්ධනාගාර ගතවන ආකාරයටම වැරැද්දක් කළොත් කිසිදු සමාවක් නොමැතිව ඒ දේම ඔවුන්ටත් අත්විඳින්න වෙයි. මා ඉදිරි සෑම කටයුක්තකදීම විනිවිද භාවයකින් සියලුම මන්ත්‍රීවරුන් සමග එක්ව කටයුතු කරනවා. කටුනායක සීදුව නගර සභාව අංක එකට ඔසවා තැබීමට ද කටයුතු කරනවා. පළාත් පාලන ආඥා පනතෙන් 225 අධිකාරිය නගර සභා ආඥා පනත 224 ප්‍රකාරව නගර සභාව වෙත බලය පැවරී ඇති සියලු කුවිතාන්සි හා අනුමත කිරීම් රුපියල් ලක්ෂ දෙකක් දක්වා සභා අරමුදලින් දැරීමට හා ගෙවීම් අනුමත කිරීමට සභාපතිවරයාගේ සාමාන්‍ය පාලනයට යටත්ව කටුනායක සීදුව නගර සභාවේ ලේකම් එස්.ඒ.කේ.එන්. ඉන්ද්‍රජිත් මහතා වෙත අධිකාරිය ලබාදියයුතු බවට ගෙනා යෝජනාව සභාගත කිරීමෙන් අනතුරුව එලෙස වත්මන් කටුනායක සීදුව නගර සභාවේ සභාපති එම්. සුපුන් සාරද සිල්වා (ජා.ජ.බ.) මහතා කටුනායක සීදුව නගර සභාවේ මංගල සැසිවාරය ලෙස පැවති විශේෂ සභාවාරයේදී පැවසීය.

මෙදින සභාවාරයට සියලුම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව සිට අතර ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරන සභාපති ඇතුළු මන්තීවරුන් නවදෙනෙක් ද, එක් මන්ත්‍රීවරියක්ද, සමගි ජන බලවේගය පක්ෂයෙන් කොට්ඨාසයක් දිනූ එක් මන්ත්‍රීවරයෙක් ඇතුළත් තේරීපත් වූ මන්ත්‍රීවරියන් තිදෙනෙක් ද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් ද, පොදුජන එක්සත් පෙරමුණ පක්ෂයෙන් තේරීපත් වූ එක් මන්ත්‍රීවරයෙක් ද, සර්වජන බලය පක්ෂයෙන් තේරීපත් වූ එක් මන්ත්‍රීවරයෙක් ද, එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ එක් මන්ත්‍රීවරයෙක් ද, වශයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙක් සහ සභාවේ ලේකම් එස්.ඒ.කේ.එන්. ඉන්ද්‍රජිත් මහතා ඇතුළු පිරිස විශේෂ සභා රැස්වීමට සහභාගී වූහ.

චමිත් නිශාන්ත (ශ්‍රී ලං.පො. පෙ.)- නගර සභා ආඥා පනතකින් මේතාක් කල් නගර සභාවේ ලේකම්ට රුපියල් විසිපන් දහසක මුදලක් සභාවේ කිසිදු අනුමැතියකින් තොරව ගෙවීම් කිරීමට හැකියාවක් තිබුණා. එම මුදල චක්‍රලේඛයකින් වත්මන් පාලනය යටතේ අපගේ සභාවෙන් රුපියල් ලක්ෂ දෙකක් දක්වාම ඉහළ දැමීමක යෝජනාවක් සභාගත වනවා. සභාපතිවරුන්ව ආරක්ෂා කරගන්න ලේකම්වරයාට දෙන බලතලයක් ලෙස එය මම දකිනවා. මෙය රජයේ උවමනාවටද එසේත් නැතිනම් ගම්පහ දිස්ත්‍රික්කයේ ලේකම්වරුන්ගේ ඉලීමකට මෙසේ කරනවාද කියන එක ගැන ඇත්තේ යම් කුතුහලයක් පමණයි. මෙය ඉතිහාසයේ විශාලම අපරාධය බවට සනිටුවන් වේවී. ජාතික ජන බලවේගයේ පාලනයට රට නතු වනවිට අප ආසනයේ වගකිවයුතු මන්ත්‍රීවරයාගේ අනුදැනුම ඇතිව සභාවේ ස්ථිර ගිණුමෙන් රුපියල් ලක්ෂ පන්සීයක් සභාවට අරගෙන තියෙනවා. එය නාස්තිකාර වැඩකට යෙදවෙනවා. මා ඒ සියල්ල ඉදිරියේදී එකින් එකට එළි කරනවා.

සංගීත් නිශ්ශංක මහතා (ස.ජ.බ.)- ගම්පහ දිස්ත්‍රික්කය පුරාමය පැවැත්වූ නව පළාත් පාලන ආයතනවලින් රුපියල් ලක්ෂයක මුදලක් ලේකම් වෙත පැවරීමක් අනුමත කරගැනීමක් ගැන අපි දන්නවා. නමුත් අපේ සභාවේ ලක්ෂ දෙකක් දක්වා එය යෝජනා වෙනවා. මෙතෙක් පැවති ක්‍රමය වෙනස් වී මෙපමණ මුදලක් වෙන්වනවිට සභාපතිවරයාට රුපියල් දහදහක මුදලක්ද සභා අනුමැතියකින් තොරව වෙන් වී තිබෙනවා නේද යන්න අපි නවකයන් ලෙස දැනගත යුතුයි.

ඩබ්ලිව්. දිනිතිකා සඳුනි පීරිස් මෙනවිය (ස. ජ. බ.)- මෙවර කටුනායක සීදුව නගර සභාවට මහජන නියෝජිතයන් වශයෙන් බහුතර නවකයන්ව තෝරාපත් කර එවා ඇත්තේ අලුත් ගමනක් යෑමේ අරමුණින්. මා සභාවේ කිසිදු හොඳ වැඩකදී කකුලෙන් අදින්නේ නැතුව සහයෝගයෙන් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා. නවක සභාපතිතුමාගෙන් මා ඉල්ලීමක් කරනවා සභාවට තේරී පත්වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විනිවිදභාවය ඇතුව සභාවේ සියලුම කමිටුවලදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ව සහභාගි කර ගන්නා ලෙස. තවද වත්මන් සභාවේ ලේකම්වරයාට අනිසි බලතල පවරාදීම ගැන දෙපාරක් සිතන්න.

උප සභාපති. ටී. එම්. කීර්තිරත්න මහතා, (ජා.ජ.බ.)- ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හැටියට සභාවේ අනුමත කරන හෝ සභාවේ අනුමත කර සිදුකරන වියදම්වලට අපි වගකීම භාර ගන්න පක්ෂයක්. පසුගිය කාලේ එලෙස නොවූ නිසා ප්‍රශ්නයක් ඇති තමයි. අපේ පක්ෂයේ ක්‍රියාපටිපාටිය අනුව නිලධාරීන් පමණක් නොව අපේ මන්ත්‍රීවරයෙක් හෝ වරදක් කර ඇතොත් ඔහු හෝ ඇයගේ මන්ත්‍රී ධුරය පවා අහිමි කරන්න ක්‍රියාත්මක වන පක්ෂයක්. පසුගිය පාලන කාලය තුළ වගේ අපේ පාලන කාලේ නිලධාරීන් එක්ක දේශපාලනඥයා එකතු වෙලා හොරකම් දූෂණය කරන තත්ත්වයට අපි පත්වෙන්නේ නැහැ. අපි වැරදි කරන නිලධාරියාට කිසිදු සමාවක් දෙන්නෙත් නැහැ. නිලධාරිත් එක්ක අපි අනවශ්‍ය සම්බන්ධකම් ඇතිකර ගන්නෙත් නැහැ.

ආනන්ද නිශ්ශංක – කටුනායක

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok