Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජනතාව බලාපොරොත්තු වුණ දේශපාලන සංස්කෘතියේ වෙනසට විපක්ෂය හරහා ආදර්ශයක් ලබාදෙනවා – දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායක වෛද්‍ය චමල් සංජීව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Monday, 14 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ජනතාව බලාපොරොත්තු වුණ දේශපාලන සංස්කෘතියේ වෙනසට විපක්ෂය හරහා ආදර්ශයක් ලබාදෙනවා – දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායක වෛද්‍ය චමල් සංජීව
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ජනතාව බලාපොරොත්තු වුණ දේශපාලන සංස්කෘතියේ වෙනසට විපක්ෂය හරහා ආදර්ශයක් ලබාදෙනවා – දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායක වෛද්‍ය චමල් සංජීව

June 25, 2025
162 Views

ජනතාව බලාපොරොත්තු වුණ දේශපාලන සංස්කෘතියේ වෙනසට විපක්ෂය හරහා ආදර්ශයක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙන බව දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ විපක්ෂ නායක වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (24දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ මහතා මෙසේද කීය.

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව පිහිටුවා විපක්ෂයේ මන්ත්‍රීවරු දිවුරුම් දී දින දෙකක කාලයක් ඇතුළත දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පසුගිය වසර 5 ක කාලය තුළ සිදුවුණ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව සියලු‍ සාක්ෂි සහිත ලේඛන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට භාරදෙනු ලැබුවා. කෙසේ නමුත් මේ කාර්යය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිදුකරයි කියලා රටේ ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ කණ්ඩායම ලෙස අපි ඒ දෙය සිදුකරන්න මූලිකත්වය ලබාගත්තා. ඒ වගේම දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපතිවරයා දූෂණ වංචා අවම කරන්න ගෙන යන වැඩ පිළිවෙළට විපක්ෂයක් ලෙස අපේ කණ්ඩායම සහාය ලබාදෙන්න කටයුතු කරනවා. රටේ ජනතාව බලාපොරොත්තු වුණ දේශපාලන සංස්කෘතියේ වෙනසට විපක්ෂය හරහා ආදර්ශයක් ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වී මාස අටකට ආසන්න කාලයක් ගතවී ගොස් තිබෙනවා. ඒ වගේම මේ වසර සඳහා වන අයවැය ඉදිරිපත් කර මාස පහකට ආසන්න කාලයක් ගතවී ගොස් තිබෙනවා. අයවැය තුළින් ආණ්ඩුව ඉදිරිපත් කළ කරුණු ප්‍රායෝගිකව මුදල් ප්‍රවාහයක් බවට පත්වී රටේ මිනිසුන්ට කොතරම් ඵලදායි ලෙස ප්‍රයෝජනයක් ගැනීමට අවශ්‍ය වුණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණාදැයි කියන බරපතල ප්‍රශ්නය රටේ මහජනතාවට තිබෙනවා. අයවැයෙන් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු හරහා මහජනතාවට ප්‍රතිලාභ ලබාදීමට රජය සහ මහා භාණ්ඩාගාරය කොතරම් මුදලක් වියදම් කර ඇත්දැයි කියන බරපතල ප්‍රශ්නය මතුවෙනවා. අයවැයේ තිබෙන සංඛ්‍යා ලේඛන මුද්‍රිත ලේඛන පමණයි. ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන තත්ත්වයක් පෙනෙන්නට නැහැ. මේ සඳහා ගතහැකි හොඳම උදාහරණය වන්නේ රටේ සෞඛ්‍යය පද්ධතියයි. රටේ සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් විශාල මුදලක් අයවැයෙන් වෙන් කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම ඖෂධ සැපයීම සඳහා බිලියන 160 ක⁣ට ආසන්න මුදලක් වෙන් කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ වගේම ඔහු එහිදී ප්‍රකාශ කළේ රටේ නැවත ඖෂධ හිඟයක් ඇති නොවන බවයි. නමුත් මේ වන විට රටේ සෞඛ්‍ය පද්ධතියේ විශාල අර්බුද රැසක් ඇතිවී තිබෙනවා. මේ වන විට රෝහල් රැසක ඖෂධ හිඟයක් සහ ශල්‍ය උපකරණවල හිඟයක් පවතිනවා. ඒ වගේම රෝහල්වල සේවාවන් පවත්වාගෙන යාමේ බරපතළ අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. ආණ්ඩුවේ අයවැය ප්‍රතිපාදන තුළින් එකදු රෝහලක්වත් ශක්තිමත් කිරීමට, රෝහලක් අලු‍ත් වැඩියා කිරීමට හැකියාවක් ලැබී නැහැ. මේ දිනවල රෝහල්වල සිදුකරන අලු‍ත්වැඩියා කටයුතු සහ රෝහල්වලට උපකරණ ලබාදීම සිදුවන්නේ පසුගිය රජයන් විසින් ගනු ලැබූ යෝජනා හරහායි. ජාතික ජන බලවේග ආණ්ඩුවක් ඉදිරිපත් කළ අයවැයේ තිබෙන මුදල් සෞඛ්‍ය පද්ධතියට ලැබුණා නම් අද රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩක් නැහැ.

ඒ වගේම අද වන විට ප්‍රතිජීවක ඖෂධවල මිල දරා ගැනීමටට නොහැකි මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. අක්ෂි කාචයක් ලබාගැනීමට රෝගියෙකුට විශාල මුදලක් වැය කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කරන රෝගීන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ සහ රුධිර පීඩනය මැන බැලීමට භාවිතා කරන නලයක් ලබාගැනීමට විශාල මුදලක් රෝගීන්ට වැය කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම රුධිර කාන්දුකරණය කරන රෝගියෙකුට අවශ්‍ය කරන අදාළ කැතීටකරණ සඳහා විශාල මුදලක් වියදම් කිරීමට සිදුවී තිබෙනවා. ඒ වගේම හෘද සැත්කම්වලදී භාවිතා කරන ස්ටෙන්ට් ලබා ගැනීමට ලක්ෂ ගණනක් වියදම් කිරීමට රෝගීන්ට සිදුවී තිබෙනවා. ඒ වගේම දනිස් ඇටය නැවත දමාගැනීම සඳහා ලක්ෂ තුනක පමණ මුදලක් අද රෝගියෙකුට පුද්ගලිකව වියදම් කිරීමට සිදුවී තිබෙනවා. කෙසේ නමුත් රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකරන බවක් තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ.

රටේ පුරවැසියෙකුට මූල්‍ය විෂමතා නොසලකා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට පහසුකම් තිබිය යුතු බව ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ සඳහන් වෙනවා. කෙසේ නමුත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියේ තිබෙන මෙම වගන්තියවත් සම්පූර්ණ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා පිළිගන්නවා. ඒ වගේම ඖෂධ සහ අවශ්‍ය ශල්‍ය උපකරණ මිලදී ගැනීමට නොහැකි නිසා රෝගීන් අපහසුතාවයට පත්වීමට ඉඩ තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අනුර දිසානායක ජනාධිපතිවරයා වහාම පියවරක් ගත යුතුයි. ඒ වගේම නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේ කාගේ අවශ්‍යතාවයක් මතදැයි සොයා බැලීමත් රජයේ වගකීමක්. එසේත් නැතිනම් නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැතිවරයා මෙවැනිප්‍රකාශයක් සිදු කළේ ඖෂධ සමාගම් සනසවන්නදැයි කියා සොයා බැලිය යුතුයි. ඒ වගේම මෙවැනි බරපතල ප්‍රකාශයක් සිදුකළ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරයාට තවදුරටත් රටේ සෞඛ්‍ය පද්ධතිය භාරදීමට ජනාධිපතිවරයාට සදාචාරාත්මක අයිතියක් නැහැ.

අකිත පෙරේරා

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රාජ නාගයකු බේරාගත් කේරළ වන නිලධාරිනිය සමාජ මාධ්‍ය කලඹයි

July 8, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok