ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (24 දා) නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයේ මධ්‍ය අගය රු. 301.12 ක් දක්වා වැඩිවී ඇත.
මෙය 2024 සැප්තැම්බර් 26 දායින් පසුව ඇමෙරිකානු ඩොලරයේ අගය රු. 301 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව වේ. එනම් පසුගිය අප්‍රේල් 10 වැනිදා එය රු. 301.20 ක් ලෙස සටහන්ව තිබුණි. ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ රු. 296.67 ක් හා විකුණුම් මිල රු. 305.06 ක් ලෙස සටහන්ව තිබිණි.
බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති වෙබ් අඩවිය පෙරේදා (23දා) වාර්තා කර තිබුණේ, ඉරානයට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරවලින් පසු ඉහළ යන භූ දේශපාලනික අවදානම්වලින් ආරක්ෂා වීමට ආයෝජකයන් උත්සාහ කිරීමත් සමග සඳුදා ඩොලරයේ ශක්තිමත් වීමක් සිදුව ඇති බවයි.
එසේම 2025 වසරේ ජූනි 20 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.7 කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත