මෙතෙක් සැලකිය යුතු කාලයක් ඍණ අගයක පැවැති උද්ධමනය ගිය මාසයේදී (මැයි) ධන අගයක් ගෙන ඇත.
මේ අනුව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මැයි මාසයේ දී සියයට 0.6ක් දක්වා වැඩි වී ඇති බවයි.
පසුගිය අප්‍රේල් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට ඍණ 0.8ක් විය.
එසේම අප්‍රේල් මාසයේ සියයට 2.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මැයි මාසයේ දී සියයට 5.9 දක්වා ද ඉකුත් අප්‍රේල් මාසයේ සියයට ඍණ 3.7ක්වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට ඍණ 3.4 දක්වා ද වැඩි වී ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත