කම්කරු ආයතනයේ ගොඩනැඟිල්ලක් ව්‍යාජ ලේඛන මත බදුදීම
වෘත්තීය සමිති ජාතික කම්කරු ආයතනයට අයත් ගොඩනැඟිල්ලක් ව්‍යාජලේඛන සකස් කර බදුදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගෙන් හා කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය කොළඹ වංචා විමර්ශන ඒකකයට නියෝග කොට තිබේ.
වෘත්තීය සමිති නිලධාරීන් බව පවසමින් එකී ගොඩනැඟිල්ල රුපියල් මිලියන 3.6කට බදුදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක සැකකරුවකු ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සැකකරුවකු ලෙස නම් කරන ලෙස අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
ඒ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතාගෙන් මේ වනවිටත් ලබාගෙන ඇති ප්‍රකාශය විමර්ශනයේදී අනාවරණය කරගත් ලේඛන, ගොඩනැඟිල්ලේ ඔප්පුව ඇතුළු ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය. එම නඩුව ලබන ජූලි 25 වැනිදා යළි කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය දින නියම කළාය.
ඒ.ජේ.ඒ. අබේනායක