Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරාන – ඊශ්‍රයාල් යුද්ධයෙන් අපට සිදුවන බලපෑම් සොයා බලා විසඳුම් ලබා දීමට වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Tuesday, 15 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ඉරාන – ඊශ්‍රයාල් යුද්ධයෙන් අපට සිදුවන බලපෑම් සොයා බලා විසඳුම් ලබා දීමට වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන්න
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

ඉරාන – ඊශ්‍රයාල් යුද්ධයෙන් අපට සිදුවන බලපෑම් සොයා බලා විසඳුම් ලබා දීමට වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවන්න

June 24, 2025
371 Views

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ ප්‍රකාශයක්

වහාම ජාතික ආරක්ෂක කවුන්සිලය කැඳවා ඉරාන – ඊශ්‍රයාල් යුද්ධයෙන් අප රටට සිදුවන බලපෑම් ගැන සොයා බලා විසඳුම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

පර්සියානු බොක්ක අරාබි මුහුද සම්බන්ධ කරන හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ තෙල් ක්ෂේත්‍රයේද ස්වාභාවික වායු ගෑස් ක්ෂේත්‍රයේද බරපතල ගැටලු‍වක් උද්ගත වන බවත් ඉරාන පාර්ලිමේන්තු තීන්දුවක් අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය වැසීමට පියවර ගැනීමට නියමිත බවත් මේ තත්ත්වය තුළ ලෝකයේ තෙල් සැපයුමෙන් 20-30%ක් අතර ප්‍රමාණයකට මෙන්ම ස්වාභාවික ගෑස් සැපයුමෙන් 1/3කට වැඩි ප්‍රමාණයක් මේ සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නිසා තෙල් සහ ගෑස් මිල අධික ලෙස ඉහළ යෑමේ තත්ත්වයක් මතුවන බවට බොහෝ පාර්ශව අනතුරු අඟවන බැවින් රටක් ලෙස ප්‍රේක්ෂකයන් ලෙස බලා නොසිට ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් පවත්වා උද්ගත වී ඇති බරපතල ගැටලු‍වට විසඳුම් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීම තුළ බලශක්ති ක්ෂේත්‍රයට සිදුවන බලපෑමට විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු බවත් මේ වන විට ඉන්දියාව රුසියාවෙන් ගන්නා තෙල් ප්‍රමාණය වැඩි කර ඇති බවත් අපද රටක් ලෙස පියවර ගෙන මැදපෙරදිග සේවය කරන ශ්‍රමිකයන්ගේ ජීවිත ආරක්ෂාව ගැනද සොයා බැලිය යුතු බවත් මේ උද්ගත වීඇති තත්ත්වය තුළ යම් රැකියා අහිමිවීමක් සිදුවුවහොත් එය රටට බරපතල ලෙස බලපාන බැවින් ඒ ගැනද සොයා බලන ලෙස පැවසීය.

තවද සංචාරක ක්ෂේත්‍රයට ආර්ථික වර්ධනයට උද්ධමනයට නිෂ්පාදනයට අපනයනවලට විදේශ සංචිතවලට සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය අප රටේ ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබා දෙන කර්මාන්ත කෘෂි සේවා ඇතුළු සියලු‍ම ක්ෂේත්‍රවලට නිර්මාණය වන අගතිගාමී බලපෑම මඟහරවා ගැනීමට ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් සියලු‍ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පවතින අර්බුදයට විසඳුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම හදිසි ආර්ථික සැලසුමක අවශ්‍යතාව ඇති බවත් එය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවත් මේ ආර්ථික සැලසුම ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කළ යුතු බවත් ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සබඳතා වර්ධනය කරගෙන ජාත්‍යන්තරය සමඟ එකතු වී අප රටට මුහුණ දෙන්න ඇති අභියෝගවලට විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවත් මේ තත්ත්වය අප රටේ ආර්ථීක වර්ධනයට බලපාන නිසා අයි.එම්.එෆ්. එකත් සමඟ උපක්‍රමශීලීව සාකච්ඡා කර ලිහිල් පියවරක් කරා යොමුවන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ගෝලීය දකුණ අප රටට නායකත්වය ලබාදෙන්න හොඳ අවස්ථාවක් බවත් සාර්ක් සංවිධානය ඇතුළු ගෝලීය සංවිධාන කේන්ද්‍ර කරගෙන ගෝලීය දකුණේ අප මුහුණ දෙන අභියෝගයන්ට ලෝකයාගේ අවධානය යොමු කර පවතින උණුසුම අඩු කරගැනීමට යුදමය තත්ත්වය පහළ දැමීමට කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සිදු කරන ලෙසත් ඒ සඳහා ජාතික ආරක්ෂක කවුන්සලයේ හදිසි රැස්වීමක් කැඳවා මේ ගෝලීය තත්ත්වය ගැන සාකච්ඡා කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඇහැලේපොළ වලව්වෙන් දිස්වන අතීත ශ්‍රී විභූතිය

July 9, 2025

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

ඊළාම් යුද්ධයේ අවසන් පැය කිහිපය ඇසින් දුටු සාක්ෂිකරුවා ඉන්දියානු මාධ්‍යවේදී මුරලි රෙඩ්ඩි

July 9, 2025

රවි කටකයට

July 13, 2025

අනුරාධපුර ගොස් තලගොයින් ද මැරීම!

July 12, 2025
Related News
ප්‍රධාන පුවත්

හම්බන්තොට කුරුලු උයනේ වාහන රජදහනක්

ප්‍රධාන පුවත්

නිදහස් කරගැනීමට නොහැකිව ආනයනය කළ වාහන දහසක් මාස 2ක් තිස්සේ වරායේ හිරවෙලා!

ප්‍රධාන පුවත්

ලුස් පොල්තෙල් අලෙවිය නතර කිරීමට කැබිනට් පත්‍රිකාවක්

ප්‍රධාන පුවත්

‘අහෝ දුකකි: පිරමීඩ උගුලකි’ – මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

ප්‍රධාන පුවත්

බදු අඩු කරගත් අයුරින් ඇමෙරිකාව සමග දිගටම සාකච්ඡා කර තවත් සහන ලබා ගන්නවා

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok