හිටපු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
මීට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට භාරදී ඇත.
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගියදා එම ධුරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ලබන ජූලි 01 වැනිදා වැඩභාර ගැනීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය.
මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් විය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත