රෝහල්වලත් ඉහළ පුරප්පාඩු නිසා ගැටලු ගොඩක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රෝහල් කිහිපයක ඉහළ තනතුරු පුරප්පාඩුව පැවැතීම හේතුවෙන් පරිපාලන ගැටලු රැසක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරු 5ක් ජාතික රෝහල් 3ක අධ්‍යක්ෂ තනතුරු සහ වෙනත් රෝහල් කිහිපයක පවතින පුරප්පාඩු හේතුවෙන් රෝහල් කටයුතු අඩාළව පවතින බවද වාර්තා වේ.
නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරු ලෙස පවතින වෛද්‍ය සේවා, වෛද්‍ය සැපැයුම්, අධ්‍යාපන පුහුණුව හා පර්යේෂණ, දන්ත වෛද්‍ය
සේවා, රසායනාගාර සේවා වැනි තනතුරු දීර්ඝ කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති අතර මේ තත්ත්වය නිසා රෝහල්වල උග්‍ර ගැටලු රාශියක් නිර්මාණය වී ඇතැයි ද අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ තනතුරු, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුර, ගාල්ල සහ මහනුවර ජාතික රෝහල්වල අධ්‍යක්‍ෂ තනතුර මේ වනවිටත් පුරප්පාඩු පවතී. එම කිසිම තනතුරකට ස්ථිර පත්වීමක් මේ වනතුරු සිදු කර නොමැති බවද වාර්තා වේ.
දැනට පුරප්පාඩුව ඇති තනතුරුවලට අමතරව, මෙම වසර අවසානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරු දෙකක් සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරු හතරක් පුරප්පාඩු වීමට නියමිත බවටද වාර්තා වේ.
එම තනතුරුවලට ස්ථිර නිලධාරීන් පත් කිරීම ප්‍රමාද කිරීම පිටුපස සෞඛ්‍ය අමාත්‍යාංශයේම ඉහළ නිලධාරීන් සිටින බවට තොරතුරු හෙළි වී ඇත. ඇතැම් නිලධාරීන් තනතුරුවල වැඩ ආවරණය කරමින් එම දීමනා සහ වරප්‍රසාද ගැනීමේ අරමුණින් මෙම පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු නොකරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
සුජීව තත්සර