විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම නිසා කලාපයේ උත්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින් සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීම සඳහා අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ නොපසුබටව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතු බව එම නිවේදනයෙන් දැනුම් දී ඇත.
චතුර පමුණුව