ඇමරිකානු ඩොලර් මිලියන 4,669ක් වටිනා ආයෝජන 39ක් ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊයේ (23දා) පැවසීය.
මේ වසරේ මෙතෙක් ලැබී ඇති නව ව්‍යාපෘති 40ක් සහ දැනට පවතින ව්‍යාපාර පුළුල් කිරීම සඳහා යෝජනා 39ක් මීට ඇතුළත් බවද ආයෝජන මණ්ඩලය පවසයි. ඇමරිකන් ඩොලර් මිලියන 4,669න් ඩොලර් මිලියන 3899ක් විදෙස් ආයෝජන ලෙස සඳහන් වන අතර ඉතිරි ඩොලර් මිලියන 770 දේශීය ආයෝජන ලෙස සඳහන් වන බවද ආයෝජන මණ්ඩලය කියයි.
මෙය 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ ලැබුණු ආයෝජන යෝජනාවලට සාපේක්‍ෂව සියයට 18ක වැඩිවීමක් බවද ඔවුන් කියා සිටී. 2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ ආයෝජන මණ්ඩලය විසින් අලුත් ව්‍යාපෘති 28ක් හා පුළුල් කිරීමේ ව්‍යාපෘති 20කින් සමන්විත ව්‍යාපෘති 48ක් අනුමත කර ඇත. මේවායේ වටිනාකම ඩොලර් මිලියන 499කි.
විශේෂයෙන් පළමු මාස 06 තුළ පමණක් ආයෝජන මණ්ඩලය විසින් ජපානය, ස්විස්ටර්ලන්තය, චීනය, බංග්ලිදේශය, කොරියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, බහරේනය, තායිලන්තය, පාකිස්තානය සහ වියට්නාමය ඇතුළු රටවල් ගණනාවක නියේජිත පිරිසකට සත්කාරකත්වය සැපයූ බවත්, මෑතකාලීනව ජර්මනියේ සිදුකරන ලද රාජ්‍යතාන්ත්‍රික සංචාරය හරහා පැමිණි ආයෝජකයන් සමග ද සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ආයෝජන මණ්ඩලය තවදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා