ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විසින් අලුතෙන් මිලදී ගත් එයාර් බස් ඒ.330-200 ගුවන් යානය ප්‍රථම මංගල ගුවන් ගමන මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව එම ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-115 දරන ගුවන් ගමන් වාර අංකය යටතේ 21 දින දහවල් 01.48ට මාලදිවයින මාලේ නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව දහවල් 02.23 ට ගොඩබැස්සවීමට නියමිතව තිබිණි. පුළුල් බඳ සහිත මෙම නවතම එයාර් බස් ඒ.330-200 ගුවන් යානය ඉකුත් 04 දින උදෑසන ප්‍රංශයේ එයාර් බස් ගුවන් යානා නිෂ්පාදන කර්මාන්තශාලාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබිණි. එතැන් සිට ගුවන් යානය ලියාපදිංචි කිරීම ඇතුළු තවත් වැදගත් ජාත්‍යන්තර රාජකාරි කටයුතු රැසක් නිම කිරීමෙන් පසු මෙම මංගල ගුවන් ගමන සඳහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියේය.
කටුනායක – ටී.කේ.ජී. කපිල