Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙ‍ළ ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා- ජනපති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙ‍ළ ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා- ජනපති
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙ‍ළ ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙනවා- ජනපති

June 23, 2025
202 Views

ඇත්කඳ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යයේ සියවස් සමරු උත්සවය ජනපති සහභාගීත්වයෙන්…

මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජය ගොඩගැනීම වෙනුවෙන් අධ්‍යාත්මික ජීවය ලබාදීමට ජාතක කතා පොත හා බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් පදනමක් සපයන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යයේ ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා පස්වරුවේ පැවැත්විණි.

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය. ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි. ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු කෙරිණ.

අධ්‍යාත්මිකව පිරිහුණු සමාජයක් කෙතරම් භෞතිකව දියුණු කළද ඵලක් නොමැති බවත්, ආචාර, ධාර්මික හා අධ්‍යාත්මික ගුණයෙන් යුතු පුරවැසියන් මඟින් රටක සංස්කෘතික සමාජය ගොඩනැගිය හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය. මුදල් හෝ බලය මත ජීවය මැරුණු සමාජය ගොඩගැනීම වෙනුවෙන් අධ්‍යාත්මික ජීවය ලබාදීමට ජාතක කතා පොත හා බෞද්ධ සංස්කෘතිය ශක්තිමත් පදනමක් සපයන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරීමට බුදු දහම තුළින් මග පෙන්වා තිබෙන බවත්, එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලු‍දෙනා එක්විය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කරන ලදී. වත්මන් ආණ්ඩුව බලයට පැමිණියහොත් පෙරහැර නතර කර දමන බවට ඇතැමුන් ප්‍රකාශ කළද සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙ‍ළ අද ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පොළොන්නරුව සොළාස්මස්ථානාධිපති මහනුවර ගෙඩිගේ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි ස්වාමීන් වහන්සේ මෙහි මුලසුන අනුශාසනාව සිදු කළහ. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමීන් වහන්සේ, ඇත්කඳ රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ බුද්ධරක්ඛිත ස්වමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, අමාත්‍යවරුන් වන ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, මහාචාර්ය චන්දන අබේරත්න, ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

කහවත්තේ ඝාතනය: හෝමාගම හඳයාගේ ඕඩරයක්

ප්‍රධාන පුවත්

ගොඩකවෙල පුද්ගලයකු පැහැරගෙන ඝාතනය කළ වැලිගෙපොළ ප්‍රා.සභා හිටපු මන්ත්‍රීට මරණ දඬුවම

ප්‍රධාන පුවත්

අවශ්‍යතාව සලකා හෙද හෙදියන් වැඩි ප්‍රමාණයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කරනවා – ඇමැති නලින්ද ජයතිස්ස උතුරු පළාතේ සෞඛ්‍ය ආයතන නිරීක්ෂණයට ලක් කරමින් කියයි

ප්‍රධාන පුවත්

ඊ හැඳුනුම්පත් ව්‍යාපෘතියට විදුලි ඒකක 700ක් සැපයීමේ ප්‍රසම්පාදනය අවලංගු කරයි

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය පහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok