පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානයේ මාළු මිල ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමරාච්චි මහතා ‘දිවයින’ට පැවසීය.
ඒ අනුව තලපත් කිලෝවක තොග මිල 2200ක් ද, කොප්පරා තලපත් කිලෝවක් 2500ක් ද, කෙලවල්ලා කිලෝවක් රුපියල් 1500කට ද අධික බවත් සෑම මත්ස්‍ය වර්ගයක්ම ඉතා ඉහළ මට්ටමක පවතින බවත් ඒ මහතා පැවසීය.
ධර්මසේන වැලිපිටිය