සමාජ මාධ්‍ය පුවත අසත්‍යයක් – පොලිසිය කියයි
බීමත්ව රිය ධාවනය කළහොත් රුපියල් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිරදඬුවම් ලබාදෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙවැනි දැන්වීම් නිර්මාණය කරන හෝ පළ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය කියා සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්