මෙරට රෝගීන්ට ලබාදෙන සියලු ම ඖෂධවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා කඩිනමින් ප්‍රමිතිගත තත්ත්ව යටතේ රසායනාගාරයක් ස්ථාපනය කිරීම සඳහා රජයේ අවධානය යොමු විය යුතු බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
තවද මෙරට ඖෂධ නියාමන අධිකාරියේ පවතින රසායනාගාරය තුළ සිදුකරන පරීක්ෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතිගත තත්ත්වයට නැති බව ද හෙතෙම කියයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමිතිගත අධිකාරිය සතු රසායනාගාරය ද නියමිත ප්‍රමිති පරීක්‍ෂණ සිදු කිරීමට සුදුසු තත්ත්වයේ නැති බව ද සඳහන් කරන වෛද්‍යවරයා එම නිසා මෙරටට ගෙන්වන බොහෝ ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි යැයි ද කීය. හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගේ කාලයේදී බෙදා දෙන ලද හියුමන්
ඉමියුනොග්ලොබියුලීන් සහ පිළිකා ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත රසායනාගාරයකින් පරීක්ෂා කිරීමකින් පසුව බවත් ඔහු සඳහන් කළේය. නිසි ප්‍රමිතිය යටතේ ස්ථාපනය කරන ලද රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා රජයේ අවධානය යොමු නොවුණහොත් මෙරට පිළිකා රෝගීන් ඇතුළු අසාධ්‍ය රෝගීන්ට ලබා දෙන බොහෝ ඖෂධ තුළ සත්‍ය වශයෙන්ම ඖෂධ අඩංගු වන්නේද යන්න තහවුරු කළ නොහැකි වන බව ද ඔහු සඳහන් කරයි.
සුජීව තත්සර