මෙරට සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අප්‍රිකානු සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම්කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
පසුගිය 13දා සිට ඉදිරි පැය 03ක කාලයක් සඳහා වලංගු වන පරිදි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය විසින් නිකුත්කර ඇති අදාළ ගැසට් නිවේදනය මගින් ඌරන් අවදානම් සතුන් ලෙස ද නම් කර තිබේ.
අප්‍රිකානු සූකර උණ රෝගය පසුගිය මාස කීපයේදී මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය බැවින් හා තවදුරටත් පැතිරයෑමට ඉඩ ඇති බැවින් මෙම පියවර ගත් බව ද අදාළ ගැසට් නිවේදනයේ දැක් වේ.
ඒ අනුව කොට්ඨාස භාර පශු වෛiවරයා විසින් නිකුත්කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් සහිත ඌරන්, ඌරු මස් හා එම නිෂ්පාදන, ආසාදිත හා අවදානම් ප්‍රදේශ තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යෑම මෙන්ම ආසාදිත සතුන් මස් පිණිස ඝාතනය හා අවදානම් සතුන් භාවිත කොටගෙන සජීවී සත්ත්ව වෙළෙඳපොළ පැවැත්වීම ද අදාළ ගැසට් නිවේදනය මගින් තහනම් කර තිබේ.
සුජීව තත්සර