සංචාරක ආයෝජන සඳහා සුදුසු ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩම් අක්කර 3000ක් දිගුකාලීන බදු පදනම මත ආයෝජකයන් වෙත ලබාදීමට රජය තීරණය කර ඇත.
මේ බව 20දා සංචාරක නියෝජ්‍ය ඇමැති මහාචාර්ය රුවන් රණසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නිවේදනය කළේය. මේ ඉඩම් තිරසාර සංචාරක ආයෝජන සඳහා ලබාදෙන බවත් මේවා සංචාරක ආයෝජන සඳහා ඉහළ හැකියාවක් ඇති කලාපවල ඉඩම් බවත් සංචාරක යෝග්‍යතාවය සහ පාරිසරික අනුකූලතාව සඳහා මේ ඉඩම් තක්සේරු කර ඇති බවත් ඇමැති රුවන් රණසිංහ මහතා පැවසීය. මේ ඉඩම් සඳහා ඇති ආයෝජන අවස්ථා තරු පන්තියේ හෝටල්, පරිසර නිවාඩු නිකේතන, සුවතා නිවාඩු නිකේතන, බුටික් දේපළ, ත්‍රාසජනක ලැගුම්හල්, කෘෂි සංචාරක නිෂ්පාදනවල සිට මයස් සංචාරක ව්‍යාපාරය සහ ඒකාබද්ධ සංචාරක මධ්‍යස්ථාන දක්වා විහිදෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත