කොවිඩ් වසංගත සමයේ දී රුපියල් මිලියන 16,102 ක මුදලක් වැය කර ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගෙන තිබූ බවත් එම එන්නත් අතුරින් කල්ඉකුත් වී ඇති එන්නත් පිළිබඳ තොරතුරු මෙම වර්ෂයේ මාර්තු මස 14 දා වන විටත් විගණනය වෙත ඉදිරිපත් කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
ජාතික විගණන කාර්යාලය විසින් කල්ඉකුත් වී ඇති එන්නත් පිළිබඳ තොරතුරු ඉල්ලා තිබුණි. 2021 වර්ෂයේ දෙසැම්බර් සහ 2022 වර්ෂයේ ජනවාරි යන මාසවල දී මෙම එන්නත් මිල දී ගෙන තිබුණි. කල්ඉකුත් වී ඇති එන්නත් හඳුනාගත යුතු බවත් එම තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කළයුතු බවත් විගණනය මගින් නිර්දේශ කර ඇත.
ඉල්ලා ඇති තොරතුරු එක්රැස් කර මාසයක කාලයක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස අතිරේක ලේකම් (සංවර්ධන) අධ්‍යක්ෂ (වසංගතවේද) වෙත උපදෙස් ලබාදුන් බව කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ ව්‍යාපෘතියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.
ලලිත් චාමින්ද