අයථා ආකාරයට මුදල් උපයා තිබේ නම් ඉතා ඉක්මනින් පරීක්‍ෂණ කරන්න අවශ්‍ය සහය අපි ලබාදෙනවා. ලැයිස්තු එළියට දාලා මඩ ගහන්න එපා යැයි සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පසුගිය (20දා) පාර්ලිමේන්තුවේදී කීවේය.
හිටපු ආරක්‍ෂක අංශ ප්‍රධානියකු ඇතුළු ප්‍රබල පෙළේ දේශපාලනඥයන් 26 දෙනකු විසින් අයථා ලෙස ඉපැයූ බව කියන රුපියල් කෝටි ගණනක දේපළ රජයට පවරා ගැනීම සඳහා නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳව කරුණු සඳහන් කරමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ කීය.
“පසුගිය දින කිහිපයේදී මගේ නමත් සඳහන් කරමින් නැවතත් මේ ලැයිස්තුවක් පිළිබඳව අයථා ආකාරයෙන් දේපල ඉපයීමේ කටයුත්තක් සිදුවෙලා තියෙනවා කියලා මාධ්‍යයේ දිගින් දිගටම සඳහන් වෙනවා. විශේෂයෙන්ම මට පැහැදිලි කිරීමක් කරගත යුතුයි. යම් දේපලක් මට ලැබිල තියෙනවා ඒ හැම දේපලක්ම ලැබිල තියෙන්නේ මාගේ දෙමාපියන්ගෙන්. මගේ සීයාගෙන් නැත්නම් ආච්චිගෙන්. එහෙම නැත්නම් අයථා විදිහට දේපල ලබාගෙන දේශපාලන කටයුතුවල නිරත වෙන පුද්ගලයෙක් නෙවෙයි කියලා ඉතා පැහැදිලි ලෙස මම ඒක සඳහන් කරනවා.”
අයථා වත්කම් ගැන හොයන්න අපි සහය දෙනවා
