දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී එහි මූලික සැලැස්මෙන් පිට අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරීම් ඇතුළු කාරණා රාශියක් එවක රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ බලපෑමෙන් කර ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) කීය.
එහිදී එම මාර්ගයේ පිහිටුවා ඇති විවේකස්ථානය ඉදිකිරීම සඳහා අදාළ ස්ථානය වෙනුවෙන් වසර අනූනවයක් සඳහා බදු ලබා දී ඇත්තේ රුපියල් 10,000ක මුදලකට පමණක් යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
එහිදී එම ආණ්ඩුවේ ඇමැතිවරුන් තමන්ගේ නිවෙස් වෙත යෑමට ඇති පහසුව සලකා බලා අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකිරීම් කර ඇතැයි ද කපුදූව සහ බැදිගම යන හුවමාරු මධ්‍යස්ථාන එලෙස සකසන ලද ස්ථාන බවට හැඳින්විය හැකි බව ද ඇමැතිවරයා කීය. එවැනි ස්ථානයක් සෑදීම සඳහා අඩුම වශයෙන් රුපියල් මිලියන හයසියයක්වත් වැය වන බව ද කියා සිටියේය.
එහිදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්නය විමසූ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ එවකට පැවැති ඔවුනගේ ආණ්ඩුවේ ඇමැතිවරයකුගේ උවමනාවට දක්ෂිණ අධිවේගී අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් පැල්පොල ප්‍රදේශයෙන් ඉවත් කර දොඩංගොඩ පිහිටු වූ බවය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන