බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජනබලවේගයෙන් සභාපති ලෙස තේරී පත්වූ රංජිත් උදයකුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම් භාර නිලධාරි සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතා නව සභාපති ලෙස තෝරා පත්කර තිබේ. අති විශේෂ ගැසට් නිවේදනයක් ද මේ සම්බන්ධයෙන් නිකුත්කර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එන්.එච්. පියසේන – බලංගොඩ