ශ්වසන රෝගය කොරෝනා නෙවෙයි
“කොවිඩ් තත්ත්වයක් රටේ නැහැ. මිථ්‍යා මත පතුරවමින් ජනතාව අතරේ බියක් පතුරුවන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලනවා. ශ්වසන රෝගවල වැඩිවීමක් නම් තියෙනවා…” යැයි වසංගත රෝග විiා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ‘දිවයින’ට ඊයේ (20දා) පැවසීය.
මෙම දිනවල වෛරස් උණ රෝගී තත්ත්වයක් ද පවතින බව ද ඒ මහතා කීය.
මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා මෙසේ ද කියා සිටියේය.
“ඇත්තටම මේ වනවිට කොවිඩ් තත්ත්වයක් නැහැ. මේ සම්බන්ධයෙන් මිථ්‍යා මත පතුරුවන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පවතින වැසි තත්ත්වයත් එක්ක ශ්වසන රෝගවල වැඩිවීමක් තියෙනවා. නමුත් එය කොවිඩ් නෙවෙයි. තව වෛරස් උණ රෝග තත්ත්වයක් තියෙනවා. කොවිඩ් තත්ත්වයක් රටේ නැහැ. බයවෙන්න එපා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්