උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (19දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකකට කල් දමා තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීම මත දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පැය 3ක පමණ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් කේ. ඒ. දුමින්ද ප්‍රසාද් මහතා පැවැසීය.
ඒ අනුව මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් සති දෙකක කාලයක් ලබාදීමට එකඟ වූ බව ඒ මහතා කියා සිටියේය.
තමන් ඉල්ලීම් 11ක් ඉදිරිපත් කළ බවත්, ඉන් 7කට ආසන්න ප්‍රමාණයකට පිළිගත හැකි විසඳුම් හිමිවූ බවත් ඒ මහතා පැවැසීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්