පැමිණිලි විමර්ශනයට යෑමට වාහනයක්වත් නෑ
රටේ සිදුකරන පුරාවස්තු විනාශය වැළැක්වීමේ අරමුණින් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබෙන පොලිස් ඒකකයට නිලධාරීන් 32ක් පමණ අනුයුක්තව සිටියත් මේ වනවිට එය එක් නිලධාරියකුට පමණක් සීමා වී ඇත.
එම නිලධාරියාට ද ලැබෙන පැමිණිල්ලකට විමර්ශනය සඳහා යෑමට නිල වාහනයක් නොමැත. මෙම ඒකකයට තවත් නිලධාරියකු අනුයුක්ත කර ඇතත් ඔහු සෑම වෙලාවක පාහේ විශේෂ රාජකාරි සඳහා යොමුකර සිටීම නිසා මෙම ඒකකය එක් නිලධාරියකුට සීමාවී තිබේ.
පුරාවස්තු විනාශයන් පිළිබඳ පැමිණිලි කිරීම සඳහා මාස කිහිපයක් විසන්ධි කර තිබුණු දුරකථනය (0112694727) දැනට ක්‍රියාත්මකව ඇතත් එයට ලැබෙන පැමිණිලි අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට යොමු කිරීම සිදුකෙරේ. එසේ යොමුකරන පැමිණිලිවලට අදාළව විමර්ශන කුමන ආකාරයෙන් සිදුවනවා ද යන්න වාර්තා නොවේ. කොළඹ ඒකකය මගින් ගොස් විමර්ශනයක් කළ හැකි නම් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවත් මීට පෙර එවැනි සාර්ථක වැටලීම් සිදුකර තිබූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
චමින්ද සිල්වා