අභිනව පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් වැඩ භාර ගනිමින් කියයි
කොළඹ නගරයේ පුරවැසියන්ට ලංකාවේ ධනවත්ම සභාව, ධනවත්ම නගරය තිබුණත් දුප්පත්කම හා අඳුරු පැතිකඩ අපිව වෙළාගෙන ඉන්නවා යැයි කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනිය ලෙස පත්වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ඊයේ (18දා) පැවසුවාය.
නගරයේ ජීවත්වන ජනතාවට ආලෝකයක් දෙන්නත් වගේම නගරයට එන යන අයට කාර්යක්ෂම නගරයක් බිහි කිරීමට අපිට දැවැන්ත අභියෝගයක් තිබෙන බවත් අපි සියලු දෙනාම එය දන්නා බවත් ඇය සිය නගරාධිපති ධුරයේ ඊයේ (18දා) නිල වශයෙන් වැඩ භාරගනිමින් අනතුරුව අදහස් දක්වමින් පැවසුවාය.
ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මේ රටේ ජනතාව ලේ දහදිය හෙළුවා. අපි හැමෝටම හිතිල තිබුණේ එය හීනයක් කියලයි. ඒත් මේ රටේ ජනතාව එය වෙනස් කළා. අසංවිධිත, අක්‍රමවත් ව්‍යාපෘති, ප්‍රජා මූල නොවන වැඩසටහන් නිසා ප්‍රශ්න ගොඩක් ඇතිවෙලා තියෙනවා. මේවා එකින් එක
ලිහාගන්න තියෙනවා. ජනතාවගේ මූලික සේවා, ප්‍රජා පහසුකම්, යටිතල පහසුකම් සපුරන ගමන් ලෝකයේ තියෙන තාක්ෂණයෙන් කොළඹ නගරය සංවර්ධනය කළ යුතුයි.
ටොෆි කොළයේ සිට කුණුකන්ද දක්වා වන ආකල්ප මේ නගරයෙන් වෙනස් කළ යුතුයි. අපේ නගරයේ බදු මුදල් නාස්තිය අවම කළ යුතුයි. අපිට මධ්‍යම රජයෙන් ද එයට සහාය ලැබෙනවා. මේ දේවල් සාමුහිකව විසඳන්න සියලු
දෙනාගේම සහාය අවශ්‍යයි. ඒ වගේම තාක්ෂණයෙන් මේ දේවල් කරගෙන යා යුතුයි.
මේ කාමරයේ දොරටුව හැමදාම විවෘතයි. නිලධාරීන්ටයි, සේවකයන්ටයි අත්වැල් බැඳගෙන වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා. මාව මේ පුටුවට පත්වීම සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි මම දකින්නේ යැයි ද ඇය පැවසුවාය.
චමින්ද සිල්වා
ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත