Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාර්ලිමේන්තුව – ණය ආරවුල් හා පවුල් ආරවුල් ගැන විදේශ නඩු තීන්දු විභාගයකින් තොරව මෙරටදී බලාත්මක කරනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Friday, 18 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: පාර්ලිමේන්තුව – ණය ආරවුල් හා පවුල් ආරවුල් ගැන විදේශ නඩු තීන්දු විභාගයකින් තොරව මෙරටදී බලාත්මක කරනවා
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

පාර්ලිමේන්තුව – ණය ආරවුල් හා පවුල් ආරවුල් ගැන විදේශ නඩු තීන්දු විභාගයකින් තොරව මෙරටදී බලාත්මක කරනවා

June 19, 2025
326 Views

ඇමැති හර්ෂණ නානායක්කාර
චක්‍රලේඛ පටලවාගෙන බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් සීඅයිඩීය කටඋත්තර ගන්නවා
දයාසිරි ජයසේකර (සජබ)
තමන්ගේ මතය පරාජයට පත් වුණාම පළාත් පාලන කොමසාරිස්වරියට ඇති තරම් පහර දෙනවා
නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල

ණය ගැතියන් සහ ණය හිමියන් අතර විදේශයකදී සිදුවූ ආරවුල් පිළිබඳව සහ දික්කසාද සම්බන්ධයෙන් පමණක් විදේශ රටවල් 53කදී දෙනු ලබන අවසාන නඩු තීන්දු මෙරට තුළ නැවත නඩු විභාගයකින් තොරව අදාළ

කරගැනීමට අවශ්‍ය ගැසට් පළ කිරීම් කර අනුමත කර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.

එහිදී වෙනත් රටකදී දෙන ලද දණ්ඩනීය නියමයන් මේ රටේදී අදාළ වන්නේ නෑ යැයි විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත යටතේ නියමයන් අනුමත කිරීම සඳහා ඊයේ පැවැති විවාදයේදී ඇමැතිවරයා කීය.

වේත්‍රධාරී කුෂාන් සම්පත් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව ඊයේ පෙරවරු 9.30ට කතානායක වෛi ජගත් වික්‍රමරත්න මහතාගේ මූලාසනයෙන් යුතුව

රැස්විණ. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා, ලිපිලේඛන, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂා කරනු ලබන ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. 21/27 යටතේ ප්‍රශ්න විමසීම ඉන් අනතුරුව සිදුවිය. පසුව විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියා පදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත යටතේ නියමයන් අනුමත කිරීම සඳහා දිනට නියමිත වූ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති හර්ෂණ නානායක්කාර මහතා-

මෙම පනත මීට පෙර 2024 වසරේ සම්මත වුණා. නමුත් එය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නෑ. එය එසේ වුනේ ගැසට් පත්‍රයේ පළ වූයේ නැහැ මෙය කුමන රටවල්වලට අදාළව ක්‍රියාත්මක විය යුතුද කියා. ඒ අනුව මෙම පනත විදේශ රටක් විසින් දුන් අවසාන නඩු තීන්දුවක් අපේ අධිකරණ හරහා බලාත්මක කරන්න. ඒ සඳහා මෙම පනතේ දෙක සහ තුන යන වගන්ති අදාළ වෙනවා. ණය ගැතියන් සහ ණය හිමියන් අතර විදේශ රටකදී වූ ආරවුල්, ඒ අදාළ කොන්දේසි සපිරෙනවා නම් ඒවා මෙහේ අධිකරණයක බලාත්මක කරන්න පුළුවන්. අනෙක තමයි විදේශ රටකදී දෙන දික්කසාද සම්බන්ධයෙන් දෙන අවසාන නඩු තීන්දු මේ රටේ බලාත්මක කරන්න පුළුවන්. එය පහසුවක්. වියදම් අඩුකිරීමක්. ඒ නඩු නැවත මේ රටේදී අහන්න අවශ්‍ය නෑ. නමුත් ඒවා සපුරන්න නම් කොන්දේසි රාශියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම වෙනත් රටකදී දෙන ලද දණ්ඩනීය නියමයන් මේ රටේදී අදාළ වන්නේ නෑ. මේ සම්බන්දයෙන් පනත ක්‍රියාත්මක කිරීම සඳහා අපි ගැසට් පත්‍රයක් පල කළා. එහි නියෝගයන් අනුමත කිරීම සඳහා තමයි අද විවාදය පවත්වන්නේ. මෙහිදී අප රටවල් 53ක් ගැසට් කර තිබෙනවා. විදේශ අමාත්‍යංශය සමග සාකච්ඡා කර පසුවයි එම රටවල් නම් කර තිබෙන්නේ. මෙය ඉතා හොඳ රෙගුලාසියක්.

නාමල් රාජපක්ෂ මහතා-

මේ වන විට මෙහේ බන්ධනාගාරයේ කුවේට් සහ මාලදිවයිනේ දඬුවම් නියම වූ කිහිපදෙනෙක් සිටිනවා. ඒ අයට නීතිමය සහාය ලබාගැනීමේ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැන අපට සඳහන් කළා ඒ අය. මේ ගැන අවධානය යොමු කරන්න.

හර්ෂණ නානායක්කාර මහතා-

මන්ත්‍රීතුමා කියන කාරණය නිවැරදියි. ඒ රටවල්වලදී හිරගත කළ අය ගැන ඒ රටේ නීතිය අනුවයි සිදුවන්නේ. වෙන රටකින් දෙන දඬුවමක් අපේ රටේ අනුව කාලය ක්‍රියාත්මක කරද්දී ප්‍රශ්නයක් තිබෙනවා. එය ආණ්ඩුවල ප්‍රශ්නයක්. අපි මේකට ක්‍රමයක් හදලා පියවර ගන්න ක්‍රියා කරනවා.

(නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා මූලාසනයට පැමිණේ) කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ)

අද වනවිට බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් පැවැත්වෙනවා. බස්නාහිර පළාතේ කොමසාරිස්වරියගේ හැසිරීමයි මධ්‍යම පළාතේ නාගරික කොමසාරිස්වරියගේ හැසිරීමයි වෙනස්. එහි විවෘත ඡන්දයකින් තමයි සභාපති පත් කළේ. නමුත් කොළඹ නගර සභාවේදී කොමසාරිස්වරිය පූර්ණ නිගමනයකට ඇවිත් රහස් ඡන්දය ගැනයි කතා කළේ.

කොමසාරිස්වරිය පනත අනුව ක්‍රියාකරනවා කිව්වත් එය කෙරුවේ නෑ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ කඩකළා. රාජ්‍ය සේවකයන්ට තිබූ ආත්මගෞරවය නැති කළා.

විපක්ෂයේ ඉන්නේ ධනේෂ්වරවාදය විශ්වාස කරන අය. ආණ්ඩුවේ ඉන්නේ මාක්ස්වාදය විශ්වාස කරන අය. ඒ නිසා ධනවාදය මාක්ස්වාදය එකතු වෙන්න බෑ. නයි මුගටි වගේ. ඒත් එදා ජවිපෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග ආණ්ඩු හදන්න එකතු වුණා.

පත්කළ මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්න (ජාජබ)

පැරදුණාට පස්සේ දුක්ගැනිවිලි කියනවා. පනත හා මාර්ගෝපදේශ යනු දෙකක්. පනත නීතිමය බැඳීමක් ඇති එකක්. මාර්ගෝපදේශ යනු පැහැදිලි කිරීමක්. 2025 ජුනි 14 වැනිදා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සියලු කොමසාරිස්වරුන් වෙත දන්වා තිබෙනවා, පනත ප්‍රකාරව කටයුතු කරන ලෙස. ඒ වගේම ඒ සඳහා සියලු බලය පවරන බවටත්. ඒ නිසා බොරුවට තර්ජනය කරන්න එපා. කොමසාරිස්වරිය පනත අනුව කටයුතු කර තියෙනවා.

පත්කළ මන්ත්‍රී නිසාම් කාරියප්පර් (සජබ)

රටවල් දෙකක් අතර නඩු තීන්දු ක්‍රියාත්මක කිරීමට ගිවිසුමක් තිබිය යුතුයි. ඒ වගේම අපේ රටේ වගේම නීති පද්ධතියක් ඒ රටෙත් තිබිය යුතුයි. නීති දෙක සැසඳිය යුතුයි. මේ පනතේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.

වෙන රටක අපේ පුද්ගලයකුට නඩුවක් දැම්මොත් ඒ සඳහා වියදම් කරගෙන එහි යා යුතුයි. අපේ රටේ කෙනකුට එහි නීතිවේදියෙක් අල්ලාගෙන නඩු කියන්න පුළුවන් ද? මේවා කරන්න පෙර ප්‍රශ්න විසඳා ගත යුතුයි.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර (සජබ)

මේ ආණ්ඩුව මුස්ලිම් අයට දැඩි අසාධාරණකම් කරනවා. මේ කැබිනට් එක තමයි තිබ්බ මුස්ලිම් ඇමැති කෙනෙක් නැති කැබිනට් එක. එය ඉතිහාසයේ වාර්තාවක්. මුස්ලිම් නගරාධිපතිවරු ගනණාවක් කොළඹ නගර සභාවේ හිටියා. අද මුස්ලිම් නගරාධිපතිත් නැහැ, උපනගරාධිපතිත් නැහැ. මුස්ලිම් ජනතාවගේ සහාය හා ශක්තිය ගත් ආණ්ඩුවක් ලෙස මේ ආණ්ඩුව මුස්ලිම් අයට අසාධාරණයක් කරනවා.

අද බන්ධනාගාර 28ම සි.අයි.ඩී. එක ඉන්නවා. එහි ප්‍රධානීන්ගෙන් කටඋත්තර ගන්නවා. ඒකට හේතුව චක්‍රලේඛ පටලවාගැනීමක්. මේ සිද්ධිය නිසා මීට පස්සේ පොදු සමාව අහෝසි වන තැනට පත්වෙලා. මේ විනාශය කරන්න එපා. රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්නේ නැති තැනට පත්වෙලා.

නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල

විදෙස් නඩු තීන්දු නීත්‍යනුකූල කරගැනීමට අදාළ කාරණාව අද සම්පූර්ණ වෙනවා. සැලකියයුතු ප්‍රජාවක් අපගෙන් ඉල්ලීම් කළා. ඒ ඉල්ලීම් අද ස්ථීර වෙනවා. විපක්ෂයෙන් පුන පුනා ඉල්ලපු දෙයක් මේක.

පළාත් පාලන කොමසාරිස්වරියට ඇති තරම් පහර ගහන්න උත්සාහ කරනවා. විපක්ෂය තමන්ගේ මතය පරාජයට පත් වුණාට පසුව මෙය අනිකුත් රාජ්‍ය සේවකයන්ට කාන්දු කරන්න යනවා. විපක්ෂය රෙගුලාසි මාලාවේ එල්ලිලා. පනතේ 66 ඇ. 6 වගන්තිය හොඳින් බලන්න. විවෘත කියන වචනය රෙගුලාසියේ දාලා තියෙනවා ද කියා පෙන්වන්න. කොළඹ නගරාධිපති අපේක්ෂකයාට ඡන්දය දාන්න බැහැ කියලා විපක්ෂයේ අය ප්‍රසිද්ධියේ කිව්වා. ඔහුට චෝදනා එල්ල වෙලා. ඒ නිසයි විපක්ෂයට විරුද්ධව ඡන්දය දෙන්නේ. අපේ ජනවරම දූෂිතයන්ට දඬුවම් දෙන්නයි. එය සිදුවන විට කෙටි ක්‍රමවලින් ආණ්ඩුව පෙරළන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තුව යළි අද (19දා) පෙරවරු 9.30ට රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

බූස්සෙන් එස්.ටී.එෆ්. ඉවත් කරන්න!

ප්‍රධාන පුවත්

කොළඹ රෝහලකදී ඇල්ලූ කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

ප්‍රධාන පුවත්

අවසරයි මහ රජතුමනි මම ජනපති අනුර…

ප්‍රධාන පුවත්

අයථා වත්කම් නඩුවට කෙහෙළිය ඇතුළු පවුලේ 6කට අධිචෝදනා භාරදෙයි

ප්‍රධාන පුවත්

හුදෙකලා උපකරණ බෙදීම් වෙනුවට සංගම් සමග එකතුවී ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමු – ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙමින් කියයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok