බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
පාරිභෝගිකයන් අත්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල් වෙත පැමිණ අනවශ්‍ය තදබදයක් හා පෝලිම් ඇති කරන බවට ලැබී ඇති වාර්තා සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් තෙල් සංස්ථාව ඊයේ (18දා) සඳහන් කළේය.
මෙම තීරණය සියලු පිරවුම්හල් හිමියන් වෙත දැනුම් දී ඇති බවත් ඊට පටහැනිව කටයුතු කළ හොත් බෙදුම්කාරත්ව ධුරය සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවර ගන්නා බවත් සංස්ථාව දැනුම් දී ඇත.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයන් අනියත බියක් ඇතිකර ගෙන මෙලෙස කටයුතු කරන බව පෙනී යන නිසා බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් කියා සිටී.
සුජීව තත්සර