හිටපු තානාපති බීබීසීයට කියයි
ටෙහෙරාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති, නියෝජ්‍ය තානාපති හෝ විදේශ සේවයට සම්බන්ධ කිසිවකු නොමැති බව වාර්තාවේ.
ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පසුගිය අගෝස්තු මාසයේදී පත් කරන ලද එන්.එම්. සහීඩ් මහතා බීබීසී සිංහල සේවය විසින් සම්බන්ධ කර ගත් ලද අතර, එහිදී ඔහු කියා සිටියේ මේ වන විට ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති තනතුර පුරප්පාඩු වී ඇති බවය.
“මම ඉරානයේ නව තානාපති හැටියට පත්වීම් ලබා ගියේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී. මම එහෙට ගිහින් මාස 04ක් යන්න කලින් විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නැවත ලංකාවට එන්න කියලා දැනුම් දුන්නා. ඒ නිසා මම ආවා. දැන් එහෙ කවුරුත් නැහැ. තානාපති කෙනෙක්වත්, නියෝජ්‍ය තානාපති කෙනෙක් හෝ කිසිදු විදේශ සේවයට සම්බන්ධ කවුරුත් නැහැ. දැනට ලංකාවේ තානාපති කාර්යාලයේ ඉන්නේ ලිපිකරුවන් විදිහට සේවය කරන හතර දෙනෙක් විතරයි. ඒ අය හැරුණාම තව ඉරාන ජාතිකයින් දෙන්නෙක් සේවය කරනවා. එක් අයෙක් භාෂා පරිවර්තක විදිහටත්, තවත් කෙනෙක් පිළිගැනීමේ නිලධාරි කෙනෙක් විදිහටත්, අනෙක් දෙදෙනා රියැදුරන් විදිහටත් සේවය කරනවා” යනුවෙන් ඔහු පවසා තිබිණි.
යුදමය තත්ත්වය හමුවේ ටෙහෙරාන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙනත් ස්ථානයකට රැගෙන ගිය බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබිණි.
චතුර පමුණුව