Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කැබිනට් තීරණ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Wednesday, 9 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: කැබිනට් තීරණ
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
ප්‍රධාන පුවත්

කැබිනට් තීරණ

June 18, 2025
91 Views

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයක්

යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

පහත සඳහන් පරිදි යෝජිත විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

● වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාලසීමාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

● ස්ථාවර තැන්පතුවේ කාලසීමාව මාස 12ක් (වර්ෂයක්) වන අතර උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයකි.

● බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට අමතර වාර්ෂික සියයට 3ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3% ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලී අනුපාතය ගෙවීම.

● සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 30ක ප්‍රතිපාදන වෙන් කිරීම.

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණයට නව පනතක්

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකාරිත්වයක් ඇතිව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දෙමින් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත නමින් නව පනතක් හඳුන්වා දීමටත්, එකී නව පනත කෙටුම්පත් කිරීම සඳහා පිළියෙල කර තිබූ මූලික කෙටුම්පත සමාලෝචනය කරමින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කර තවදුරටත් එකී කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කිරීමටත් 2025.04.28 දින පැවති අමාත්‍යමණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබේ.

ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනයට කාර්යාංශයක්

2002 අංක 34 දරන ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පනතට අනුව ශ්‍රී ලංකාවේ සීමාව ඇතුළත ගුවන් ගමන් අනතුරු සහ සිද්ධීන් පිළිබඳව විමර්ශනය කිරීමේ වගකීම එම අධිකාරිය වෙත පැවරී ඇත. එහෙත්, 2010 වර්ෂයේදී පවත්වන ලද ජාත්‍යන්තර ගුවන් සේවා සංවිධානයේ නිරුපද්‍රිතතා අධීක්ෂණ විගණනයකදී ගුවන් යානා හදිසි අනතුරු සහ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා ස්වාධීන ක්‍රියාවලියක් නොමැතිවීම පිළිබඳව කරුණු අනාවරණ කර තිබේ. ඒ අනුව, ස්වාධීන ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් යානා හදිසි අනතුරු විමර්ශනය කිරීමේ කාර්යංශයක් පිහිටු වීම පිණිස 2016 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති අතර, මේ වන විට ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

- Advertisement -
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ඊශ්‍රායල් යුද හමුදාවට දිරියක් වූ ශ්‍රී ලාංකික දූ පුතුන්

July 6, 2025

හිටපු ඇමැතිට වලානෙන් දැල එළයි

July 3, 2025

යං යං ඇතුළට යං…

July 6, 2025

අවුරුදු 11කට පස්සේ

July 6, 2025

අයවැයෙන් වැඩි කළ විශ්‍රාම වැටුප් මෙම මස සිට

July 3, 2025
Related News
ප්‍රධාන පුවත්

කඳානේ ඝාතනය: සැලසුම ඩුබායි සිට කොණ්ඩ රංජි හා චූටි මල්ලිගේ

ප්‍රධාන පුවත්

ඇප ඉල්ලීම විසිවෙයි: වෛද්‍ය මහේෂි යළි ඇතුළට

ප්‍රධාන පුවත්

පිරිහී ගිය සමාජයට මනුෂ්‍යත්වයේ ජීවය සහ අධ්‍යාත්මික ගුණය කැටුව ඒමේදී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය පරමාදර්ශයක් – ජනාධිපති අනුර කුමාර දිසානායක කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ ස්වර්ණ ජයන්ති උපහාර උත්සවයේදී කියයි

ප්‍රධාන පුවත්

අනියත බියක් එපා! වාහන ආනයනය හා විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නෑ – ඇමැති නලින්ද කියයි

ප්‍රධාන පුවත්

හිරගෙවල් උතුරයි

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok