Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ග්‍රාමීය සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගත් සංචාරක සංවර්ධනයක් වෙනුවෙන් රජය කටයුතු කරනවා – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය චීන – ශ්‍රී ලංකා – මාලදිවයින් සංචාරක සංසදයේ සමාරම්භයේදී කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
Thursday, 17 Jul 2025
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
    • ඉරිදා සංග්‍රහය විශේෂාංග
    • අකුරු දි​ගේ
    • නැකත
    • මීවිත
    • සංචාරේ
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • තවත්…
    • විදෙස්
    • කතුවැකි
    • කාටූ​න්
    • Classified Ads
Reading: ග්‍රාමීය සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගත් සංචාරක සංවර්ධනයක් වෙනුවෙන් රජය කටයුතු කරනවා – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය චීන – ශ්‍රී ලංකා – මාලදිවයින් සංචාරක සංසදයේ සමාරම්භයේදී කියයි
Divaina | Breaking Sri Lanka News & Top Stories in Sinhala
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • නැකත
  • අකුරු දි​ගේ
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Search
  • ePaper
  • විගස පුවත්
  • ප්‍රධාන පුවත්
  • ප්‍රාදේශීය පුවත්
  • Videos
  • විශේෂාංග
  • ඉරිදා සංග්‍රහය විශේෂාංග
  • අකුරු දි​ගේ
  • නැකත
  • මීවිත
  • අතිරේක
  • ක්‍රී​ඩා
  • ගණුදෙනු ලොව
  • විදෙස්
  • කතුවැකි
  • කාටූ​න්
  • Classified Ads
Follow US
© 2025 Upali Newspapers (Pvt) Ltd.
Ad imageAd image
ප්‍රධාන පුවත්

ග්‍රාමීය සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගත් සංචාරක සංවර්ධනයක් වෙනුවෙන් රජය කටයුතු කරනවා – අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය චීන – ශ්‍රී ලංකා – මාලදිවයින් සංචාරක සංසදයේ සමාරම්භයේදී කියයි

June 18, 2025
223 Views

දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාව ඉහළ නංවමින්, ග්‍රාමීය සංචාරක ආකර්ෂණය ඉලක්ක කරගත් සංචාරක සංවර්ධනයක් වෙනුවෙන් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. සේද මාවතේ ඒකාබද්ධතාවය සහ ජයග්‍රාහී සහයෝගීතාවය යන තේමාවෙන් ජුනි 16 වැනි දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති චීන -ශ්‍රී ලංකා- මාලදිවයින සංචාරක සංසදයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියාය.

සතියක් පුරා පැවති චීන- ශ්‍රී ලංකා- මාලදිවයින් සංචාරක සංසදය පෙරේදා කොළඹදී ආරම්භ වූ අතර, සංචාරක හා ගුවන් සේවා අංශවල නිලධාරීන්, නියෝජිතයින්, විශේෂඥයින් සහ විද්වතුන් ඇතුළු 100 කට අධික පිරිසක් සහභාගී වූහ. සමාරම්භක උත්සවය අතරතුර ‘සේද මාවතේ නගර පිළිබඳ ජාත්‍යන්තර සංචාරක සන්ධානය මගින් චීනය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරක හුවමාරු සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාකාරකම්’ රැසක් දියත් කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.

මෙම සමුළුවේ මූලික දැක්ම වෙන්නේ, සංචාරක කර්මාන්තය ආර්ථික වර්ධනය පමණක් නොව, ජනතාව අතර සබඳතා, සංස්කෘතික අවබෝධය සහ කලාපීය සහයෝගීතාවය සහිත දකුණු ආසියානු කලාපයක් ගොඩනැගීමයි. චීනය ඔවුන්ගේ විශාල හා විවිධත්වයෙන් යුතු භූ දර්ශන, සියවස් ගණනාවක් පැරණි පෞරාණික ස්ථාන සහ එකිකෙට වෙනස් නවීන නගර සමඟ මිලියන සංඛ්‍යාත සංචාරකයින් ආකර්ෂණය කරගන්නවා.මාලදිවයින, පිරිසිදු කොරල්පර, සුපැහැදිලි ජලය සහ ලෝක ප්‍රකට නිවාඩු නිකේතන සමඟින් නිවර්තන දූපත් නියෝජනය කරනවා. ශ්‍රී ලංකාව, අනුරාධපුර පූජනීය නගරයේ සිට සීගිරිය බලකොටුව දක්වාත්, දකුණේ රන්වන් වෙරළ තීරයේ සිට මධ්‍යම කඳුකරයේ මීදුමෙන් වැසුණු තේ වතු දක්වාත් අද්විතීය අත්දැකීම් සමූහයක් ලබා දෙනවා.

අපේ රටේ, ආදායම් උත්පාදනය පමණක් නොව, අපගේ පරිසර පද්ධති ආරක්ෂා කරන, අපගේ සංස්කෘතීන් අගයන සහ අපගේ ජනතාව සවිබල ගන්වන සංචාරක කර්මාන්තයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට රජය අවධානය යොමු කර තිබෙනවා.එහිදී කලාපීය සහයෝගීතාවය ශ්‍රී ලංකාවට ඉතා වැදගත්. වීසා ක්‍රියාවලිය පහසු කිරීමට, සෞඛ්‍ය හා ආරක්ෂක ප්‍රමිතීන් පෙළගැස්වීමට, ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර සංවර්ධනය කිරීමට සහ ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා පොදු වේදිකා මේ ඔස්සේ නිර්මාණය කළ හැකියි.සංචාරක කර්මාන්තය ග්‍රාමීය ප්‍රජාවන් වෙත ළඟා වන, කාන්තා ව්‍යවසායකයින්ට සහාය වන සහ තරුණ සහභාගීත්වය දිරිමත් කරන සංචාරක කර්මාන්තයක් බවට පත් කිරීමයි අපේ අරමුණ.ඒ වගේම පාරිසරික සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට, ඩිජිටල් සංචාරක යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ දේශීය සංචාරක සේවා සපයන්නන්ගේ ධාරිතාව ඉහළ නැංවීමට දැනටමත් රජය කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම රටේ අඩු නියෝජනයක් ඇති ප්‍රදේශවලට සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ලැබීම සහතික කරන, ප්‍රජා පාදක සංචාරක කර්මාන්තයක් ඇති කිරීම පිළිබඳවත් රජයේ අවධානය යොමු වී තිබෙනවා. චීනයේ නවෝත්පාදනයන් සමඟ එක්ව කටයුතු කළහොත් අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය ඉහළ මට්ටමින් ප්‍රවර්ධනය කරන්න පුලු‍වන්. සංචාරක ව්‍යාපාරයේ සැබෑ වටිනාකම ආර්ථික ප්‍රතිලාභවලින් පමණක් නෙමෙයි මානව සබඳතා පෝෂණය කිරීමේ හැකියාවන් මතද පවතින බව මතක තබාගත යුතුයි. ඒකාකාර ආකෘති බිඳ දැමීමට, සංවේදනය පෝෂණය කිරීමට සහ සාමය ගොඩනැගීමට මේ මඟින් අපිට හැකි වෙනවා. බෙදී ගිය ලෝකයක, සංචාරක ව්‍යාපාරය, දේශ සීමා හරහා, සංස්කෘතීන් හරහා සහ පරම්පරා හරහා එක්සත් කිරීමට අවසථා නිර්මාණය කරනවා.

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් මහතා මෙහිදී අදහස් දක්වමින් චීනය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම වෙනුවෙන් උපරිම සහය ලබාදෙන බව සඳහන් කර සිටියේය. චීනය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංචාරක සහයෝගීතාවය හුදෙක් සරල එකතුවක් නොවන බවත් හෙතම පැවසීය. මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා, සංචාරක ව්‍යාපාරය තීරණාත්මක වැදගත්කමක් උසුලන බවත් “එක් තීරයක් සහ මාර්ගයක්” රාමුව යටතේ සංචාරක සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවත් තානාපතිවරයා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ මාලදිවයින් තානාපති කාර්යාලයේ ප්‍රධානීන්ද චීන සංචාරක අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක්ද ඇතුළු ආරාධිත අමුත්තන්ද මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූහ.

චතුර පමුණුව

Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Copy Link Print
Ad image
Trending News

ලන්ඩනයේදී ගුවන් යානයක් කඩා වැටේ

July 14, 2025

අහමදාබාද් ගුවන් අනතුර ඉන්ධන වසා දැමුවේ කපිතාන් සුමිත්ද?

July 14, 2025

හිටපු ඇමැතිගේ මිනීමැරුම යළි එළියට

July 16, 2025

සාපෙළ විෂයන් 07කට සීමා කෙරේ

July 15, 2025

රවි කටකයට

July 13, 2025
Related News
ප්‍රධාන පුවත්

කහවත්තේ ඝාතනය: හෝමාගම හඳයාගේ ඕඩරයක්

ප්‍රධාන පුවත්

ගොඩකවෙල පුද්ගලයකු පැහැරගෙන ඝාතනය කළ වැලිගෙපොළ ප්‍රා.සභා හිටපු මන්ත්‍රීට මරණ දඬුවම

ප්‍රධාන පුවත්

අවශ්‍යතාව සලකා හෙද හෙදියන් වැඩි ප්‍රමාණයක් උතුරු නැගෙනහිරට ලබාදීමට කටයුතු කරනවා – ඇමැති නලින්ද ජයතිස්ස උතුරු පළාතේ සෞඛ්‍ය ආයතන නිරීක්ෂණයට ලක් කරමින් කියයි

ප්‍රධාන පුවත්

ඊ හැඳුනුම්පත් ව්‍යාපෘතියට විදුලි ඒකක 700ක් සැපයීමේ ප්‍රසම්පාදනය අවලංගු කරයි

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ උපත් අනුපාතිකය පහළට

logo2.png

“දිවයින” 1981 වසරේ දී ආරම්භ වූ වසර ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන ජාතික පුවත්පතකි. ජාතියේ ස්වභාවය, සංස්කෘතිය හා ජනමතය සනාථ කරමින්, සත්‍යය සහ වගකීම මූලික කරගත් මාධ්‍ය සන්නාමයකි. Divaina.lk හරහා අපි ඔබට සෘජු, විශ්වාසනීය පුවත් වාර්තාකරණයක් සහ විශ්ලේෂණාත්මක විශේෂාංග ලබාදෙමින්, ඩිජිටල් යුගයේ ප්‍රවෘත්ති සැපයුම ලබා දෙන්නෙමු.

Postal Address:
Upali Newspapers Private Limited
No. 223, Bloemendhal Road,
Colombo 13

More About Us

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Upali Newspapers (Private) Limited © 2025 All Rights Reserved.

Facebook Instagram Youtube Tiktok